ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා.අද ලියන්න යන්නේ මේ අවුරුද්ද ගැන දෙයක්.අපිට මේ අවුරුද්ද විතරක් නෙවෙයි ඕන අවුරුද්දක් ගෙවෙද්දි විවිධාකාර වූ හැඟීම් හිතට එනවා.මොකද අපි වසරක් ආරම්භයේදී ගොඩක් දේවල් ප්ලෑන් කරගන්නවා.නමුත් ගොඩක් වෙලාවට අපි ඒකේ ඒ හැමදේම ඒ විදිහටම අවසන් කරගන්න සාර්ථක කරගන්න හැකි වෙන්නේ නෑ.ඉතින් මේ වර්ෂය ගොඩක් පෙරළිකාර වර්ෂයක්.මොකද දේශපාලන වශයෙන් ගොඩක් ලොකු වෙනස්වීම් සිදුවුනු වර්ෂයක් මේක.නව දේශපාලන වෙනසකට දේශපාලනික ආකල්පයකට මිනිස්සු හුරුවුනු වසරක් මේක.රටේ පාලනය වෙනම දිශානතියකට වෙනස් කරන්නත්, දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් රට තුළ නිර්මාණය කරන්න මිනිස්සුන්ගේ දෑස් පෑදුණු වර්ෂයක් තමයි මේක.ඉතින් ඒ අතින් ගත් කල දේශපාලනික වශයෙන් නම් යම්කිසි මට්ටමකට සාර්ථක වර්ෂයක් විදිහට මේ වර්ෂයේ නම් කරන්න පුළුවන් වෙන්නේ මොකද හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොර වූ පාර්ලිමේන්තුවක් හරි බිහිකරගන්න පුළුවන් වුන නිසා.
ඉතින් අපි මේ වසර ආරම්භයේදී හිතුව දේවල් හැමදේම සාර්ථක කර ගන්න බැරි උනත් ඔයාටත් මටත් යම් කිසි මට්ටමකට දේවල් කිහිපයක් හරි කරගන්න පුළුවන් වුනා, එහෙම වෙන්න ඇති.ඒ නිසා මගහැරුණු දේවල් ගැන හිත හිත කලකිරීමට පත්වෙන්නේ නැතුව ඔයාලට කරගන්න පුළුවන් වුන දේවල් ගැන හිතල සතුටු වෙන්නත් මගහැරුණු දේවල් මේ ලබන වර්ෂයේදී හෝ කොහොම හරි සාර්ථක කර ගන්නත් දැන් ඉදලම කැප වුනොත් අපිට ලබන වසර මීටත් වඩා හොඳ අයුරින් සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්.ඉතින් මේ අවුරුද්දේ ගෙවන දවස් ටිකත් ඔයාගේ වැඩ කටයුතු සාර්ථක ඉවර කරගන්නත් පුළුවන් වෙන්න කියල මම ප්රාර්තන කරනවා.ඔයාලා හැමෝටම ජය වේවා!!!