ඇත්තටම තිරිසන්නු කවුද???

in hive-133716 •  14 days ago 

1000112410.jpg
source
ඉතින් අද ලියන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන.මට මේක ලියන්න හිතුනෙත් කියවපු article එකකට පස්සේ.හැම රටකම වගේ අපේ රටේත් වන සතුන් දඩයම බොහෝ දුරට සිද්ධ වෙනවා.ඒක රජයෙන් තහනම් කරලා තිබුණත් මිනිස්සු එය තකන්නේ නැහැ.ඉතින් ඒ නිසාම ස්වභාදහමට වගේම තවත් ගොඩක් පැති තියෙනවා මේ නිසා පීඩාවට පත්වෙන.ඉතින් මේ article එකෙන් ඒක හොඳටම පැහැදිලි කරලා දෙනවා.ඒ වගේම මේ photo එකෙනුත් ඒක මනාව ඔප්පු කරනවා.මේ article එක ලියල තිබුණෙ ධම්මික සමරතුංග කියලා පුද්ගලයෙක්, ඒ නිසා එහි සම්පූර්ණ ගෞරවය ඔහුට යා යුතුයි.


1947 දී නෝර්වේ සහ උතුරු ධ්‍රැවය අතර නෝර්වීජියානු දූපත් සමූහයට අයත් ස්වෝල්බාර්ඩ් හිදී සිදුවූ මෙම හද කම්පා කරවන දර්ශණය සහිත ඡායාරූපය එවකට සිටි සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පී ලෙනාට් නිල්සන් විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර එය නම් කර තිබුණේ 'හිම වලසුන් දඩයම' යනුවෙනි. ඒ වගේම එවකට ඔහු රැකියාව කළ සුප්‍රසිද්ධ ලයිෆ් සඟරාවේ පළවුනු ඔහුගේ ඡායාරූප අතරින් ප්‍රමුඛපෙලේ ඡායාරූපයක් ලෙස මෙම ඡායාරූපය මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබුණා.

ඔහු මෙම ඡායාරූපයට අදාල සිදුවීම වැඩිදුරටත් විස්තර කරමින්...

"මෙම මැරී සිටින හිම වලස් මව අපව දුටු විගස මේ පැටියත් එක්ක පැන යාමට උත්සාහ කළා... නමුත් මම හිතන්නේ මේ කුඩා පැටියාට අපව දැකීමටත් අපි සමඟ මිතුරු වීමටත් අවශ්‍ය උනා... පැටියා අප ඉදිරියට පැමිණෙන විට මව නැවත ඇවිත් පැටියාව රැගෙන යාමට උත්සාහ කළා. එවිට ඔවුන් මවට වෙඩි තබා මරා දැමුවා... එවලේ සිටම මෙම කුඩා වලස් පැටියා මෙසේ තමන්ගේ මව බදාගෙන ඉන්නවා... ඔවුන්ට ඔහුව මවගෙන් ඉවත් කිරීමට නොහැකිවුනා... පසුව පැටවාගේ බෙල්ලට දැමු කඹයෙන්ම මැරුණු මවගේ ඇඟත් බැඳලා ඔවුන් මෙසේ රැගෙන ආවා..."

තම මවගේ වියෝව නිසා ශෝකයෙන් මංමුලාවී සිටින මෙම වලස් පැටවා දවස පුරා සහ මුළු රාත්‍රියම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් (ඔවුන්ව රැගෙන යන මෙම නැව තුළත්) තම මියගිය මවගේ සිරුර බදාගෙන එම ඉරියව්වෙන්ම සිටීම එහි සිටි සියළුදෙනාටම ඇසට කඳුලක් ගෙනදෙන කරුණක් උනා.

මෙම දඩයමට සම්බන්ධ කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි මැනුවෙල් මාටිනස් ජූනියර් පසුව පැවසුවේ...

"ඇත්ත වශයෙන්ම කියනවානම් අපි රාක්ෂයින්, දරුවන්ගෙන් තම මව්වරුන්ගේ ආදරය හා සැලකිල්ල අහිමි කිරීමෙන් පස්සේ අපි ඔවුන්ගේ ජීවිතද මෙලෙස රැගෙන යනවා... අපි ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගතය සදහටම ඔවුන්ගෙන් ඉවතට ගන්නවා... ඇත්තටම අපි තමයි තිරිසනුන්..!"

ඔවුන් එදා එසේ කීවත්, ඔවුන් එදා එසේ දුක් උනත් එම ක්‍රියාවන් එදායින් පසුව නවතින්නට ඇතැයි කියා ඔබ සිතනවාද..? නැත... මේ ආකාරයේ සිදුවීම් අදටත් මේ ආකාරයෙන්ම ලෝකය පුරා නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතිනවා...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!