අසංවේදී මිනිස්සු කියන්නෙත් ඝාතකයන්..

in hive-133716 •  2 days ago 

1000085627.jpg

ඉතින් ඊයෙ මන් වැඩ කර කර ඉන්න ගමන් යාලුවෙක් මට article එකක් එවල තිබුන එයාට මුහුනු පොතෙන් කියවන්න ලැබුනු.ඉතින් මට එවෙලෙ කියවන්න වෙලාවක් නොතිබුනු හින්දම මං ගෙදර ඇවිල්ල රෑ තමයි නිදහසේ ඒක කියෙව්වෙ. ඇත්තටම ඒක කියවද්දි තමයි මටත් තේරුනේ මිනිස්සු ආයුධ පාවිච්චි නොකර වචන වලින් කොච්චරනම් මිනිස්සු මරල ඇද්ද කියල.මේක කියෙව්වම මාත් ටිකක් වෙලා කල්පනා කරා මේවගේ මිනිස්සු මටත් හම්බවෙලා තියෙනව නේද කියලත්.මන් වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ article එක කියවල බලන්න එතකොට ඒක ඔයාගෙ හිතට හොදටම දැනෙයි.මේක ලිව්වෙ කවුද කියලනම් මට හොයාගන්න බැරිවුනා, ඒත් ඒකෙ සම්පූර්ණ ගෞරවය ඔහුට හෝ ඇයට ලැබිය යුතුමයි.


පාලමෙන් පල්ලෙහාට මිනිහෙක් පනිනවා, පේනවනේ හෙවනැල්ල?

ඒක දිහා බලාගෙන යට ඉන්න මිනිහට කරන්න දෙයක් නෑ තමයි, හැබැයි එයත් මේක ඇහින්දැකපු සාක්කි කාරයෙක්. බොහොම ඉස්සර කාලෙක මගේ ඥාති වෙන තරුණයෙක් මිය යනවා එතකොට මම ාමාන්‍ය පෙළවත් කරල නැති පොඩි කෙල්ලෙක්. ඉතින් අපේ තාත්තා ඒ මළ ගෙදරට ගිහිල්ලා ඇවිල්ල කියනවා. නිශාන්ත කොහේ ගියාද කියල හොයා ගන්න බැරුව දවස් ගානක් ගත වෙලා අන්තිමට බාත්රූම් එකට එහා පැත්තේ කාමරෙන් ගඳක් ආවහම තමයි ගල්කිස්ස පොලිසිය ඇවිල්ල කාමරේ ලොක් කඩල මිනිය හොයාගෙන තියෙන්නෙ කියලා. තාත්තා මේවා කියන්නේ වැඩ ඇරිල ඇවිල්ල අම්මත් එක්ක! අම්මා හූ මිටි දිදී අහගෙන ඉන්නවා මොකුත් කියන්නේ නෑ.

ඔන්න ඊගාව දවසේ තාත්තගේ කතාවේ ඉතිරි ටික!

මම අදත් මල ගෙදර ගියා නිශාන්තගේ ලියුම කියෙව්වා!!

ඔයා දන්නවනේ නිශාන්ත civil engineer කෙනෙක්. ඉගෙන ගත්තෙ මොරටුව කැම්පස් එකේ. පවුලේ එකම දරුවා කාගෙන්වත් බැනුමක් අහන්නැතුව හැදුනෙ වැඩුනෙ. හොඳට ඉගෙන ගත්තා හොඳ තැනකට ගියා රස්සාව හරියට කළා!

එක දවසක් නිශාන්තගේ ලොක්කාට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක ලියුමක මොකක්ද වැරැද්දක් තිබුණා කියලා ඒ ලියුම අනිත් ඔෆිසස්ල ඉස්සරහ නිශාන්තගේ මූණට විසි කරලා කෑ ගහලා තියෙනවා,

"තමුසෙල එක එකාගේ පන්දම්වලින් ආවහම මෙහෙම තමයි ලියුමක් හරියට ගහගන්න බෑ" කියලා!

එදා ඉදල තමයි නිශාන්ත අතුරුදන් වෙන්නේ..!

නිශාන්තයේ ලියුමේ කියලා තියෙනවා ඒ වගේ ලැජ්ජාවකට එයා එයාගෙ ජීවිතේ ම මූණ දීල නෑ ජීවිත කාලෙම කිසිම වරදක් කාටවත් නොකරපු සුදුසුකම් වලට රස්සාවට ගිය එයාට එක දරාගන්න බැරිවුණා කියලා..! ඇත්තටම ඒක බොස්ට වෙන වැරදීමක් ඒ වරද කරලා තියෙන්නේ නිශාන්ත නෙවෙයි. අද නිශාන්තගේ ෆියුනරල් එකට එයාගෙ ඔය කියන බොස් ආවා. කට්ටියම එපා කිව්වත් මම ඒ ලියුම අරගෙන ගිහිල්ලා ඒ මනුස්සයගේ අතට දුන්නා..!

එයා ටික වෙලාවක් ඒ ලියුම දිහා බලාගෙන ඉඳලා කිසිම කතාවක් නැතුව ලියුම මගේ අතට දීලා මගේ අත් දෙක තදින් අල්ලගෙන ඉඳලා පිටවෙලා ගියා. එයාගේ ඇස් වලට තත්පරෙන් කඳුළු පිරෙනවා මම දැක්කා. ඒ මිනිහා ජීවිතකාලෙම මැරි මැරි උපදින්න ඕන මිනිහෙක්!

තාත්තාගේ හඬ උස් වුණා!

"මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න" අම්මා එක පාරටම කිව්වා!!

දවස් තුනක් යනකං තමන්ගෙම ගෙදර ඒ දරුවා කාමරේක එල්ලිලා ඉන්නවා කියලා ඒ අම්මා තාත්තට පවුලේ අනෙක් අයට නොතේරුනේ ඇයි?

ඊළඟ ප්‍රශ්නය !

ඔයා ඒ ලියුම අර මනුස්සයාට දුන්නට පස්සේ එයා කොහෙද ගියේ කියලා ඔයා හොයලා බැලුවද? ඒකට තාත්තා දීපු උත්තරේ මට ඇහුනෙ නෑ !හැබැයි ඒ සංවාදය මට හොඳට මතක හිටියා!

ඔබේ එක බැල්මක් නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන්!

ඔබේ එක වචනයක් නිසා මිනිහෙක් ජීවිත කාලෙම විඳවන්න පුළුවන්!

මිනිස්සු මැරෙන එක දිවි නසා ගන්න එක ගැන නෙවෙයි..

මිනිස්සු "මරණ එවුන්" ගැන කතා කරන්න!

මිනිස්සුන්ව හදවතින් අවුරුදු ගාණක් තිස්සේ මැරෙන තැනට වැඩ සලසන උන් ගැන කතා කරන්න!

කාගෙහරි මරණයකදී ඔබ විත්ති කාරයෙක් නෙමෙයි කියලා ඔබ කියන්නේ කොහොමද?

ඔබට ඒක හොඳටම විශ්වාසද!???

අසංවේදී මිනිස්සු කියන්නේ ඝාතකයෝ!

ඔබ ජීවත් වෙච්ච මේ මුළු කාලෙටම කාටවත්ඔබ ඒ ජාතියේ සීරියල් කිලර් කෙනෙක් උනේ නෑ කියල ඔබට හොඳටම ෂුවර්ද?

මේක හෙන බයානක ප්‍රශ්නයක්!

පුලුවන්නං අවංකව උත්තර දෙන්න!

" ඔබ මිනිහෙක් මරල නෑ කියලා ඔබට ෂුවර්ද ? "

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

TEAM 5

Congratulations! This post has been upvoted through steemcurator07. We support quality posts, good comments anywhere, and any tags.


image.png

Curated by : @damithudaya