source
ඉතින් අද දාල තියෙන මාතෘකාව දැක්කම ඔයාලට හිතෙනවත් ඇති මේ මොකක්ද කියන්නෙ කියල. ලස්සනයි , හැඩයි කියන්නෙ ඉතින් එකක්නෙ.ම්ම්ම්ම් ඇත්තටම එහෙමද?? ඔයා මොකද හිතන්නෙ , ලස්සනයි හැඩයි කියන්නෙ දෙකම එකක්ද?? ඒක මාත් දැනගත්තෙ මේ ලගදි. මමත් ඒ වෙනකල් හිතන් හිටියේ ලස්සනයි හැඩයි කියන්නේ දෙකම එකක් කියලා.හරි අපි ගමුකෝ මුලින්ම ලස්සන කියන එක.ලස්සන හැමදාටම මෙහෙම තියෙනවද??එහෙම නෑ නේද කල් ය්ද්දි ඔයා වයසට යද්දී, ඔයාගේ සුන්දරත්වය ටිකෙන් ටික නැති වෙලා යනවා නේද?ඉතිං ඒකට තමයි ලස්සන කියන්නේ.ඇත්තටම ලස්සන තාවකාලිකයි.කාලයත් එක්ක ඔයාගේ ලස්සන ටිකෙන් ටික වෙනස් වෙනවා.ඉතින් අපිට ඒක වෙනස් කරන්න බැහැ.ඉතින් ඒ නිසාම ලස්සන කාලයට අනුරූපයි.
එතකොට මොකක්ද මේ හැඩයි කියන්නේ?හැඩයි කියන්නේ ලස්සනයි කියන දේට හාත්පසින්ම වෙනස් දෙයක්.කෙටියෙන්ම පැහැදිලි කරොත් හැඩයි කියන්නේ මිනිසෙකුගේ තියෙන අව්‍යාජ සුන්දරත්වය.මිනිසෙකුගේ අව්‍යාජ සුන්දරත්වය කොතරම් කල් ගියත් කොතරම් වයසට ගියත් වෙනසක් වෙන්නේ නැහැ.මොකද ඒ දේ පදනම් වෙලා තියෙන්නේ ඔවුන්ගේ රූපයට පමණක් නොවන නිසා.මිනිසකුගේ හැඩය පදනම් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් මතයි ගොඩක් වෙලාවට.ඉතින් මිනිස්සුන්ගේ නිහතමානීකම,අවංකකම, අව්‍යාජකම වගේ විශිෂ්ට ගුණාංග දිහා බලලා ඇත්තටම මොහු හරිම හැඩයි කියලා අපිට කියන්න පුළුවන්.ඉතින් ඒ නිසා අපි හිතන් හිටියට ලස්සන හැඩයි කියන්නෙ දෙකම එකක් කියලා, ඒක ඊට වඩා වෙනස් නේද? ඉතින් ඇත්තටම ඔයා කොයි වගේද ලස්සනයිද ?හැඩයිද? නැත්තම් දෙකමද😊❤️
TEAM 5
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit