හීන පස්සෙ දුවන අපි

in hive-133716 •  7 days ago 

20220715-sri-lanka-econ-16-nyt-ac.jpg
source

පොඩි කාලේ අපි ගොඩක් අයට තිබ්බේ එකම එක හීනයක්.ඒ තමයි ඉක්මනට ලොකු වෙලා අවුරුදු විසිපහක් තිහක් වෙනකොට ගෙයක් හදලා වාහනයක් එහෙම අරගෙන සතුටින් ජීවත්වෙන්න.ඉතින් ගොඩක් කොල්ලෝ කියලා ඉගෙන ගන්න කාලේ ඒ වෙනුවෙන්ම සෑහෙන්න කැපවෙනවා තම තමන්ගේ හීන ඉෂ්ට කරගන්න.ඉතින් මං වගේම ඔයාලා දන්නවා ඇති ඒවා අපි හිතුවා ව්ගේ නෙවෙයි කියලා.අධ්‍යාපනයේදී විවිධ කඩඉම් ජයග්‍රහණය කරලා විශ්ව විද්‍යාලය දක්වා ළඟා වුණු ගොඩක් ළමයින්ගේ උසස් අධ්‍යාපනය හමාර වෙන්නේම අවුරුදු විසිපහ පැනල.ඉතින් කොහේ වාහනයක් ගෙයක් ගන්නද?ඊට පස්සේ අවුරුද්දක් විතර පොඩි පඩියකට නැහිල නැහිල experience හදාගන්න ඕන.අධ්‍යාපනයෙන් ගොඩක් ඉස්සරහට යන්න බැරි වුන සමහරක් අය අඩු වයසින් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරගත්තත් ඔවුන්ටත් එහෙමයි කියලා ලොකූ පඩියකට යන්න අමාරුයි. රටේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒක දෙගුණ තෙගුණ වෙනවා කියලා ඔයත් මමත් හොඳටම දන්නවා.

ඉතින් හොඳම වැඩේ පටන් ගන්නේ ඊට පස්සේ.අපි කොල්ලෙක්වම ගමුකෝ.සාමාන්‍යයෙන් කොල්ලෙක්ට අඩුම බයික් එකක්වත් තමන් සතුව තියෙන්න ඕනනේ.ඉතින් මූ කට්ට කාල , හොඳටම නැහිලා , හරියට කන්න බොන්නෙ නැතුව, හරියට නින්දක් නැතුව හම්බ කරලා කීයක් හරි වැඩිපුර හොයාගෙන බයික් කට්ටක් ගන්න ගියාම ඒකත් ලක්ෂ පහ පැනලා.ලක්ෂ පහ පැනල ජපන් බයික් එකක්ද?ඇත්තටම නැහැ එහෙම උනේ ඒ කාලේ. දැන් ලක්ෂ දෙකට තිබුණු ස්කූටිත් ලක්ෂ හතක් විතර වෙනවා.ඉතින් තව මොකක්ද? මිනිස්සුන්ව තලන්න පුළුවන් හැම තැනින්ම හරි ලස්සනට දරුණුවට මිනිස්සුන්ව තලනවා.කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන අමු අමුවේ මරා දානවා.ගෙයක් හදන්න, වාහනයක් ගන්න, කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන තමන් ඉදිරියේම කඩා වැටෙන්නේ බයික් නැතුව මොන ගෙවල් වාහනද කියල හිතලා.මට තාම හිතාගන්න බෑ පනස් දාහක් හැටදාහක් පඩි ගන්න මනුස්සයෙක් කොහොම දරු පවුලක් නඩත්තු කරනවද කියලා.මට මේක ගැන ලියන්න හිතුනේ ඊයේ ප්‍රවෘත්ති වලදි දැකපු ලැජ්ජාවක් ඇති දේශපාලනඥයෝන්ගේ කතා ටිකක් ඇහුවට පස්සේ.රටවට්ටන්න පුළුවන් උපරිම ආගාධයට වට්ටලා ලැජ්ජ නැතුව ඇවිල්ලා ඒක අපි කරා වගේ මාධ්‍ය ඉස්සරහ රගපානව.දේශපාලන බුද්ධිය අතින් ඉතා ඉහල අපේ මිනිස්සුත් හරි ලස්සනට ඒවට ඉතින් රැවටෙනවා අවුරුදු හතරෙන් හතරට.ඉතින් තරුණ තරුණියන්ට ඉතුරු වෙලා තියෙන එකම පිරිසරණ තමන්ගේ ආදරණීයන් අතහැරලා රටින් පිටවෙන එක විතරයි.එහෙව් රටක් මේ උන්දැලා අපිට හදලා දීලා ඉවරයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community