source
ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට,හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.
මම අද ඔයාලත් එක්ක share කර ගන්න හදන්නෙ මට දකින්න ලැබුණු දෙයක්. දවසක් මම town එකට ගියපු වෙලාවක මම දැක්ක බයික් එකක තැඹිලි ගෙඩි කිපයක් තියාගෙන විකුණමින් ඉන්න සීයා කෙනෙක්. පෙනුන විදියට නම් ලොකු වෙළදාමක් වෙලා නෑ. අව්වට වෙලා හරිම මහන්සියෙන් ඉන්න බවක් තමයි මූණෙනුත් පෙනුනෙ. මෙහෙම ටික වෙලාවක් ඉද්දිි කාර් එකක් නැවැත්තුව මේ සීයා ළඟින්. මේ කාර් එකෙන් බැහැල ආව ගැහැණු කෙනෙක් සීයගෙන් තැඹිලිවල ගණන් අහනවා. සීයත් ඉතින් ගණන් කිව්වා. ගාණ අහපු මේ ගැහැණු කෙනා සීයට කියනව ගාන අඩු කරල දෙන්න මම ගන්නම් කියලා. සීයගෙ මුණින් නම් මට පෙනුනෙ අසරණ බවක්. කොහොම වුණත් සීයා තැඹිලි විකිණුවා. අර ගැහැණු කෙනා ඉල්ලපු ගානටම.
සීයට ලාභයක් නැතුව ඇති ඒ වෙළදාමෙන්, ඒත් තැඹිලි ටික ඉතුරු වෙනවට වැඩිය කීයට හරි විකුණන එක හොඳයි කියල හිතල සීය ඒ ගානට දෙන්න ඇති.
ඒක දැක්කම මට හිතුනෙ, සමහර විට අර ගැහැණු කෙනා සීයගෙන් අඩුවෙන් ඉල්ලල ඒ ගානට අරන් ගියාට supermarket වලින් බඩු ගන්න කොට නම් ඉතුරු ගන්නෙත් නැතුවම යනවා ඇති. Five 🌟 හොටෙල්වලින් කෑම ගද්දි ටිප් එක විදියටම ලොකු ගණන් දෙනව ඇති. ඒත් මෙහෙම අසරණ කෙනෙකුගෙන් දෙයක් ගද්දි ඒක පුළුවන් තරම් අඩු කරල ගන්න තමයි උත්සාහය කරන්නෙ.
ඇත්තටම මට ඒ සීය ගැන දැනුනෙ ලොකු දුකක්. විවේකීය ගෙවන්න ඕන සැදෑ සමය ඒ සීය ගෙවන්නෙ හරිම කටුක විදියට. ඒ වෙලාවෙ මට තේරුණා මෙහෙම පාරෙ ඉඳන් වෙළඳාම් කරන කෙනෙක්ගෙන් දෙයක් ගන්න එක කොච්චර වටිනවද කියල. අපිට ඒක පොඩි දෙයක් වුණත් ඒ කෙනාට ඒක කොයි තරම් නම් ලොකු වටින දෙයක්ද. එහෙම කෙනෙක්ගෙන් දෙයක් ගන්න ලොකු ලොකු ගන්න වියදම් නොවෙන නිසා මම හිතන්නනෙ පුළුවන් හැම වෙලාවකම ඒ වගේ කෙනෙක්ටත් උදව්වක් කරන ගමන්ම අපේ අවශ්‍යතාත් සපුර ගන්න උත්සාහ කරනව නම් ඇත්තටම ඒක ලොකු පිනක්.
මම share කර ගනිපු මේ කතාවෙන් ඔයාලටත් හිතන්න දෙයක් ඇති කියල මම හිතනවා.
ඉතිං හැමෝම පරිස්සමින් ඉන්න.