අද ලියන්න යන්නෙනම් ටිකක් වෙනස්ම ජාතියේ article එකක්.මාතෘකාව දැක්ක ගමන් ඔයාට අදහසක් ඇති මේ මොකක් ගැනද ලියන්න යන්නෙ කියල. ඔව් කාන්තාවන්ට , තරුණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි , තම සැමියාට හෝ ආදරවන්තයාට ජීවිතයේ වැදගත් දවස් මතක හිටින්නෑ කියන ප්‍රශ්නය.ඒත් ඇත්තටම ඒක එහෙමද? මේක ගැන හරි ලස්සන article එකක් මට මුහුණු පොතෙන් කියවන්න ලැබුණ.ඉතින් ඔයත් මේක කියවල බලන්න ඇත්තටම පිරිමින්ට දවස් මතක හිටින්නේ නැද්ද කියලා...
පිරිමින්ට දවස් මතක නෑ ය කියන නෝක්කාඩුවට මම විරුද්ධයි.
මගෙ තාත්තාට මං ලොකු වෙනකල් ම, මගෙ උපන්දිනේ මතක තිබුණා. කේක් කපන්න, පාටි දාන්න, අහළ පහළ අයට කෑම වේලක් ලෑස්ති කරන්න, ඉස්කෝලෙට කේක් යවන්න එයාට කවදාවත් අමුතුවෙන් මතක් කරන්න දෙයක් තිබ්බේ නෑ.
කොටින් ම මං ගෙදරින් ආවාට පස්සේත්, මං ගෙදර නැතුවත් එයා මගෙ උපන්දිනේ දවසේ, ළඟ ගෙවල්වල අයට රෑ කෑමක් දීලා තිබුණා. හැබැයි එයා එයාගෙ මුළු ජීවිතේට ම දවසකට කියලා මතක තියාගෙන ඉන්නේ මගෙ උපන්දිනේ විතරයි කියලා මට හොඳට ම විශ්වාසයි.
මොකද එයා මගෙ උපන්දිනේ ඇර, මේ වෙනකල් කවදාවත් පවුලේ වෙන කෙනෙකුගෙ උපන්දිනයක්වත්, එයාගෙ වෙඩින් ඇනිවසරියක්වත් සමරලා නෑ.
මීට අවුරුදු හතකට කලින්, මං කසාද බඳින්නමය කියලා ආදරේ කරපු පිරිමි ළමයෙක් හිටියා. අපි මුණ ගැහුණේ මාර්තු 10 වෙනිදාවක. මුණ ගැහුණ දවසේ ඉඳලා, හැම 10 වෙනිදාවක් ම විශේෂයි කියලා හිතපු, පුංචි තෑගිවලින් ඒ දවස් සමරපු කෙනෙක් එයා.
අපි එකට ඉන්න කාලෙත්, මට ඒ දවස අමතක වුණාට, අපි වෙන් වෙලා අවුරුදු ගාණක් යනකලුත් එයා ඒ දවස මතක තියාගෙන හිටියා.
පිරිමින්ට දවස් මතක නෑය කියන්නෙ පට්ටපල් බොරුවක්. මං හිතන්නේ උං මතක තියාගන්නෙ එකම එක දවසයි. ඒ තමයි උංගෙ ජීවිතේ වැදගත් ම දවස!
උංට මොකක් හරි දවසක් මතක නෑය කියන්නේ, ඒක උගෙ ජීවිතේ වැදගත් ම දවස නෙවෙයි. එච්චරයි!!! ❤️
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit