අලුත් අවුරුද්දේ බලාපොරොත්තු

in hive-133716 •  last month 

1000138106.jpg

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.2024 අවුරුද්දත් ආර්ථිකමය සහ දේශපාලනමය වෙනස්කම් සහිතව ගෙවිල ගිය අවුරුද්දක් බවට පත්වුණා.වසර 74 පුරාවට මාරුවෙන් මාරුවට පැවති පක්ෂ මාරුවෙන් ඔබ්බට ගිහිල්ලා ලොකු වෙනසක් කරමින් මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සහිතව කිසිදු පෞද්ගලික අරමුණු වලින් තොරව රටේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා එක්රොක් වෙච්ච අවුරුද්දක් තමයි ගෙවුන 2024 අවුරුද්ද.ඒ වගේම රටේ ප්‍රධානම තීරණ ගන්න ස්ථානය වන පාර්ලිමේන්තුව තනිකරම ශ්‍රමදානයක් බවට පත්කරමින් රටේ මෙච්චර කාලයක් මේ තත්ත්වයට ගෙන ඒමට සියලු වගකීම් දැරිය යුතු පාලකයන් විශාල ප්‍රමාණයක් ඉවත් කරමින් දැවැන්ත දේශපාලන වෙනසක් සිදුවුන අවුරුද්දක්.

අපේ රට තාමත් කොරෝනා වසංගතය නිසා දැවැන්ත ලෙස වැටුනු ආර්ථික අවපාතයෙන් ගොඩ එමින් ඉන්න රටක්.විශාල ක්ෂේත්‍ර ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තවමත් තියෙන්නේ විශාල පසු බෑමකින් යුක්තවයි.රටේ ආර්ථික පසුබෑම නිසාම තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රට හැරයාමට පටන් ගෙන තියෙනවා.අධ්‍යාපනයට මූලික තැනක් ලබා නොදෙමින් විදෙස් ගත වෙන්න ගොඩක් තරුණ තරුණියන් උත්සාහ කරමින් ඉන්න කාලවකවානුවක් මේක.ඒකට වැරැද්දක් කියන්නත් බැහැ.මොකද ඕන කොල්ලෙක් කෙල්ලෙක් කැමතියි තමන්ගෙ අනාගතය සතුටින් ගෙවන්න.ජීවිතයේ බලාපොරොත්තු හැමදේම එක අවුරුද්දකින් අපිට ගොඩගන්න බැහැ.ඒත් අපිට පුළුවන් ඒ බලාපොරොත්තු වලට එක අවුරුද්දක් තුළ පනක් දෙන්න.ඉතින් ඒ සියල්ල ආරම්භ කරන්න පුළුවන් , සියලු වැඩ කටයුතු වලට සාර්ථක ආරම්භයක් ගන්න පුළුවන් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  


Best regards
You created exclusive and quality content
We wish you a happy new year 2025
Team 01 - Steemit Explorers Team

image.png

@damithudaya