මන් අද මේ ලියන්නෙ මගේ දෙවෙනි post එක.ඊයෙ පෝය නිසා මට හිතුන පෝය දවස ගැන ලියන්න. ඊයෙ තිබුණෙ මේ අවුරුද්දෙ පළවෙනි පෝය දවස. ඒ කියන්නෙ "දුරුතු පෝය". බුදු දහම තුළ සිද්ද වුණු විශේෂ දේවල් වැඩිම ප්‍රමාණයක් පෝය දවස්වල සිද්ද වුණ නිසා බෞද්ධයන්ට පෝය කියන්නෙ බොහොම වැදගත් දවසක්.
ඉතිං දුරුතු පෝය ගැන කතා කරනවනම් දුරුතු පෝය දවසෙත් විශේෂ දේවල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ලාංකිකකයන් විදියට අපිට දුරුතු පෝය කියන්නෙ අතිශයින්ම විශේෂ දවසක්. මොකද බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිද්ධ වෙලා තියෙන්නෙ දුරුතු පෝය දවසක. යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ඇති වුණ අරගලයක් සමතයකට පත් කරන්න තමයි බුදු රජාණන් වන්සේ පළමු වරට මේ පෝය දවසෙ මහියංගණයට වැඩම කරන්නෙ.
ඒ වගේම කැළණි පෙරහැර පැවැත්වෙන්නෙත් දුරුතු මාසෙ. පෙරහැර කියන්නෙ ලාංකික ආගමික උත්සවවල විශේෂ අංගයක් නිසා අවුරුද්දෙ මුලම පෙරහැරක් තියෙන එක මිනිස්සු තුළ ආගමික ප්‍රෙබා්ධයක් ඇති වෙන්න හේතු වෙනවා.
මීට අමතරව බුදු රජාණන් වහන්සෙ තමන් අවබෝධ කර ගත් මහා ප්‍රඥාව ලෝක සත්ත්වයාට දේශනා කිරීමේ මුල්ම පියවර ආරම්භ කරෙත් දුරුතු පෝය දවසක. ඒ තුන්බෑ ජටියලන් ඇතුළු දහසක් දෙනාට ධර්ම දේශනා කරමින්.
ඒ වගේම බිම්බිසාර රජතුමා බුදු රජාණන් වහන්සේ ඇතුළු මහ සගරුවනට වේළුවනාරාමය පූජා කරෙත් දුරුතු පෝය දවස.
ඉතිං දුරුතු පෝය කියන්නෙ අපිට ලැබුණු බොහොම ටවිනා දායාදයක්. බුදු රජාණන් වහන්සේගෙ පැමිණීත් සමඟ අපේ සමජය තුළ විශාල පෙරලියක් සිද්ධ වුණා. අවිධිමත් ඇදහිලි පිළිවෙත් ක්‍රම වෙනුවට විධිමත් ආගමික වත් පිළිවෙත් අපේ සමාජය දායාද වුණේ බුදු රජාණන් වහන්සේගෙ පැමිණීමත් සමඟ.
ඉතිං මේ දුරුතු පෝය ගැන මම දන්න තොරතුරු. පන්සල තිනේනෙ මගේ ගෙදර ළගම නිසා මාත් ගෙදර අයත් එක්ක ඊයෙ පන්සල් ගියා. සිල් සමාදන් වුණ අය වගේම බෝධි පුජා තියන්නත් ඊයෙ ගොඩක් අය ඇවිත් නිබුණා. අවුරුද්දෙ මුල්ම පෝය නිසා වෙන්න ඇති ඊයෙ පන්සල සෙනගින් පිරිල. අනිත් දවස්වලට යන්න බැරි වෙන නිසා පෝය දවසට අපි ආසාවෙන් පන්සල් යනවා. නිරත මුණ නොගැහෙන ගොඩක් අයත් අපිට පෝය දවසට පන්සලේ දි මුණ ගැහෙනවා. ඉතිං ඒ සතුටත් පෝය දවසට තියෙනවා.
ශා මාත් නොදන්න ගොඩක් දේවල් දැනගත්ත. නියම ආටිකල් එකක්🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks malli
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං දැනන් හිටියෙ මේ දේවල් වලින් එක දෙයක් ගැන විතරයි , ගොඩක් ඒව දැනගන්න පුලුවන් උනා 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකනේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit