ජීවිතයට අත්වාරුවක්

in hive-133716 •  25 days ago 

1000081322.jpg
source

ඇත්තටම සමහර වෙලාවට මනුස්සයෙක්ට ඉන්න ඕනා ජීවත් වෙන්න හයියක් වෙන වාරුවක්. ඒ වාරුව ඉඩ ලැබෙන හැම වෙලාවකම අගය කරන්නත් ඕනා.ගැහැණු ඉස්සරහට යද්දි අත අතහරිනවා කියලා අහලා තිබ්බට එහෙම අයට එතනින් ඉස්සරහට යන එක ලේසි නෑ, ඒ නිසා ඒක දන්න අය තව තවත් ඒ අත හයියෙන් අල්ලගන්නවා. විවාහයෙන් පස්සේ පිරිමි ගැහැණුන්ගේ තටු කපනවා කියලා අහලා තිබ්බට ගොඩක් පිරිමි ලෝකය දකින්න විශ්වාසයෙන් ඉඩ දුන්නා.ආදරෙන් පරිස්සම් කරා.ගැහැනු අපිට කොච්චර ස්වාධීනව ඉන්න හැදුවත් ආදරණීය පිරිමියෙකුගෙ රැකවරණය අවශ්‍ය වෙන අවස්තා එමටයි. ඒක සැමියාම විතර්ක් වෙන්නෙ නෑ. තාත්තා, සහෝදරයා සහ මිතුරෙක් වෙන්නත් පුලුවන්.ඉතින් ඔවුන්ගෙන් සමහර වෙලාවට ලැබෙන මානසික උපකාර ජීව්තේ ඉස්සරහට යන්න සෑහෙන්න උපකාරී වෙනව.මේ කතාවත් ඒ වගේ එකක්. මන් මේක හොයාගත්තෙ මුහුනු පොතේ මංතාරා කියල පිටුවකින්. ඉතින් ඒකෙ ඇගයීම කතෘට දීල මට මේක දාන්න හිතුන.

ඔව් මට මතකයි.......

'ඉගෙනීම අත් හරින්න එපා තව මොකක් හරි ඉගෙන ගන්න.'

'එකම දේකට කොටු වෙන්න එපා. අලුත් දෙයක් කරන්න.'

'අර course එක කරන්න පටන් ගමු.'

'Exam එකක් නිසා මට ඔයාව එපා වෙන්නේ නෑ.'

'හරි දැන් ඒ subject එක ඉවරයිනේ. ඊළඟ එකට ready වෙමු'

'පුලුවන් විදිහට කරන්නෙකෝ.'

'හරි මං shape කරන්නම් ඒක'

'කලබල නොවී ඉන්නකෝ. මොකක් හරි කරමු. දැන් පරිස්සමට ගෙදර එන්න.'

'ඔයාගෙන් හම්බ කරගන්න නෙවෙයි මට ඕනා ඔයා සතුටින් ඉන්නවා දකින්නයි.'

'මට පුලුවන් support කරන්න.'

'වදයක් නම් නොකර ඉන්න. අසනිප වෙන්න නම් එපා.'

'මහන්සි නම් ටිකක් ඉන්න.'

'ඔයාට මේක පුලුවන්. මං දන්නවනේ.'

'අහ් ඒකට කමක් නෑ. වැරදීම් වෙනවා.'

'ඔයා යන්නකෝ. මං බලන් ඉන්නේ මෙතන. මොකක් හරි නම් හැරිලා බලන්න.'

'ඔයා මේ ටික කරන්න. මං මේ ටික කරන්නම්. ඒත් ඒකටම හිර වෙන්නත් එපා.'

'බය වෙන්න එපා. මං ඉන්නවා. මේක team work එකක්.'

'මං ඔයා ගැන ආඩම්බරයි. සතුටුයි.'

'Page එකක් කරන්න.'

'කාලෙකින් මුකුත් ලිවුවේ නෑ නේද? මොකක් හරි ලියන්න.'

'අලුත් post එක නියමයි. ලස්සනට ලියලා.'

'ඔයා talent දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න.'

'මං පොත් කියවන්නේ නැති වුණාට කමක් නෑ. ඔයා කියවන්න. මේ සල්ලි ටිකෙනුත් තව පොත් ටිකක් ගන්න.'

'ඔය chance එක නම් අත හරින්න එපා.'

'කීයක් ලැබුනත් ඔය case එක වදයක් නම් නඩුවෙන් අයින් වෙන්න.

'ඔයා කැමති පහසු ඕනා විදිහකට අඳින්න.'

'ශා.... ඒක හරි හැඩයි ඇන්දම'

'ඔයා කැමති නම් ඉතිං කොන්ඩේ කපන්න. තියෙන කර්ල් එකට මං හරි ආසයි. කලර් එකකුත් දැම්මාම ලස්සනයි.'

' යන්න යන්න ගිහින් dance කරලා එන්න.'

'ඔයා සිංදු කියන්නකෝ. මං අහන් ඉන්නම්.'

'අඩුපාඩු වුණාට කමක් නෑ. ඒවා හදාගමු.'

'ම්ම්ම්... මේක හරි රසයි. මරු නේ.'

'මාත් perfect නෑ. ඔයා perfect වෙන්න ඕනත් නෑ. දෙන්නට දෙන්නා ඇතිනේ.'

'වෙනස් වෙන්න ඕනා නෑ. ඔය විදිහ හොඳටම හොඳයි.'

"ඔයාගේ ජීවිතයෙත් එහෙම කෙනෙක් ඉන්නවා නම් දෙන්නා එක්කම අත් අල්ලගන්න. ලොකු දුරක් යන්න...." 🖇❤️🍃

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community