ඉතින් මම අද මේ article එක ලියන්න යන්නේ චරිත ලක්රුවන් කියලා තරුණයෙක් මුහුණ පොතට දාපු සටහනක් පාදක කරගෙනයි. ඇත්තටම මේක හරි විශේශයි. මොකද මිනිස්සුන්ට සමාව ගැනීම සහ සමාව දීම අද වෙනකොට ගොඩක් දුරට අමතක වෙමින් සහ අමතක කරමින් යනව. ඒකට හේතුවක් විදියට් අපි ටිකෙන් ටික ලොකු වෙනකොට සමාව ගැනීම ලැජ්ජාවට කාරණාවක් කියල හිතෙනව. ඒ වගේම සමාව දීම තමන්ගේ පෞරුෂයට හානියක් කියල හිතෙනව. ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒකට හේතුව විදියටනම් මම දකින්නෙ මේ ස්මාජ වටපිටාවම තමයි. ඇත්තටම පොඩි ලමයි බලන්නකො. ඔවුන් ලග තියෙන් ඒ ගුණාංග ඇත්තටම ලොකු වෙනකොටත් තියෙනවද? මට අනුවනම් 80% කගෙ එහෙම නෑ.ඔවුන්ගේ පරාර්ථකාමීබව , නිහතමානීබව ලොකු වෙද්දි ටිකෙන් ටික නැති වෙලා යනවා.මම හිතන විදිහට නම් ඒකට දෙමව්පියන් වගේම වැඩිහිටයනුත් වගකියන්න ඕන.තමන්ගේ වැරැද්දක් වුනාම සමාව ගන්නව කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමේ.ඒක වියයුතු දෙයක්. ඒකෙන් ගොඩක් වෙලාවට තමන්ට ආත්ම තෘප්තියක් ලැබෙනවා.ඒ ගැන පසුතැවීමෙන් තමයි ගොඩක් වෙලාවට ඔයාට ඉන්න වෙන්නෙ.
අපි හැමෝටම සමාව ඉල්ලන්න තරම් නිහතමානී හදවතක් නෑ.. තමන් නිසා තව කෙනෙක්ට රිදුනද කියලා වදවෙන්න තරම්, මනුස්සකමක් නෑ..
තමන් වැරදි බව, තමන්ගෙ හැසිරීම නිසා, වෙනත් කෙනෙක්ට දුකක් පීඩාවක් වුණ බව හිතන්න - වැටහෙන්න තරම් හුඟක් මිනිස්සු දයාබරිත නෑ.. පරාර්ථකාමී නෑ..
ඉතින් එහෙම නිහතමානී හිතකට,
සමාව දුන්නම ඒක කොච්චර අපූරු ද..
දන්නව ද?
පලිගැනීමට/ රිදවීමට වඩා
හොඳම දඬුවම,
වටිනාම අවවාදය හා
උසස්ම ප්‍රතිචාරය තමයි,
"සමාව දීම"
ඒ පුංචි දරුවගෙ හිත නොතලා,
නැන්දා ලියපු අපූරු ලියමනට
මාත් ආදරෙයි.
මම හිතනවා ඒක තමයි වැඩිහිටියන්ගෙ කාර්යභාරය කියල.ඉතින් ඇත්තටම සමහර දේවල් තියෙනවා අපිට පොඩි ළමයින්ගෙනුත් ඉගෙන ගන්න වෙන, අපේ ජීවිතෙන් අපිටත් නොදැනීම මග හැරුනු දේවල්.
Congratulations on bringing a quality content. You have earned a positive vote from team 2, and it is delivered by @starrchris.
Many Blessings...🙏🏻
Congratulations on bringing a quality content. You have earned a positive vote from team 2, and it is delivered by @starrchris.
Many Blessings...🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit