අපි සහභාගී වන විවිධාකාරයේ තරග වැලදී වගේම අපගේ ජීවිතයේ සමහර කඩයිම් වලදීත් අපිට ජයග්‍රහණ වගේම පරාජයන්ද උරුම වෙලා තියෙනවා.ඒක මටත් ඔබටත් පොදු නියතයක්.මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවිතේ හැමදාම හැම දෙයක්ම ජයගෙන ඇති කියලා.එහෙම ඉන්නවනම් ඒ ඉතාම සුළු පිරිසක් වෙන්න පුළුවන්.අපි පොඩි කාලෙ ඉඳලාම ජයග්‍රහණය සමරන්න පුරුදු වුනත් පරාජයන් වලට මුහුණ දෙන ආකාරය, පරාජයන් භාරගන්නා ආකාරය වගේම,පරාජයන් වලින් දිරිමත් වන ආකාරය ගැනත් අපිට වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් වගේම දෙමව්පියන්ගෙනුත් හරි හැටි අවබෝධයක් ලැබුණේ නෑ.අපි ගොඩක් වෙලාවට පුරුදු උනේ හැම දෙයක්ම ජයගෙන ඉදිරියට යන්න විතරයි.ගොඩක් වෙලාවට සියදිවි නසා ගැනීම් වලටත් හේතුව මේකම තමයි.මොකද අපිට ජීවිතයේ සමහර කඩඉම් වෙනවා පරාජයන් විද දරා ගත යුතු.
අපි අකමැත්තෙන් උනත් ඒ දේවල් බිඳදරාගෙන ජීවිතේ ඉදිරියට යා යුතුයි ඒ තැනම ලත වෙවී ඉන්නේ නැතුව.අපි එහෙම ඒ ගැනම පසුතැවි තැවි හිටියොත් අපිට වෙන්නේ ජීවිතය ගැන කලකිරීමක් පසුතැවීමක් වෙන එක විතරයි.යම්කිසි පරාජයක් කියන්නෙම , අහිමි වීමක් කියන්නෙම අපිට හොඳ Motivation එකක්.මොකද අපි පරාජයක් ලැබුවේ නැත්තං අපිට ඒකෙ හැඟීම, පරාජිතයාගේ වේදනාව වගේම , ජයග්‍රහණයේ සතුට ගැනත් හරි හැටි අවබෝධයක් ලැබෙන්නේනෑ .ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යෙන් මනුස්සයෙක් උනාම ජීවිත කාලය තුල පරාජයක් ලැබිය යුතුමයි.මොකද පරාජයක් කියන්නෙම ජීවිතයට හොඳ පන්නරයක්.මේ දේවල් ළමයින්ට කුඩා කාලයේ ඉඳලම දෙමව්පියන්ගෙන් වැඩිහිටියන් වගේම පාසල් වලිනුත් අවවාද ලෙස ලැබිය යුතුයි කියල මම විශ්වාස කරනව.