අද ලියන්න යන්නේ ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන.සමහරවිට මේ කතාව ඔයාලත් අහල ඇති.සමහරවිට සමහර අය ඔයාලට කියලත් ඇති.මම නම් මේක ගොඩක් අයගෙන් අහලා තියෙනවා.ගොඩක් වෙලාවට මම මේ ප්‍රකාශය ගැන කට්ටියත් එක්ක වාද කරලත් තියෙනවා.මේ ප්‍රකාශය තමයි කැම්පස් යන එක කාලය කාදැමීමක් කියන එක.ඉතින් මට හිතුණා අද ඒ ගැන ලියන්න.ඇත්තටම මොකද්ද ඔයාලගෙ අදහස?කැම්පස් යන එක කාලයකා දැමීමක්ද?? හරි මං මගේ මතය කියන්නම් ඔයාලගේ මතය ඊට වෙනස් නම් කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න.
මම අහල තියෙන ගොඩක් කතා තමයි,
"S තුනක් අරන් මම ජීවිතය ජයගත්තේ..කැම්පස් ගිය මගේ යාලුවෝ පරක්කු උණා"..
"මට කැම්පස් යන එක චුට්ටෙන් මිස් උණා.. දැන් මම අහවල් ලක්ෂරි කාර් එකේ යනවා.. කැම්පස් ගිය අය පාරේ බස් එකේ යනවා"
කියන කතා.ඒලෙවල් රිසල්ට්ස් ආපු කාලවලදි උණු කැවුම් වගේ මේවා ප්‍රසිද්ධ වෙනවා ..ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවලත් සට සට ගාලා ශෙයාර් වෙනව.. කොච්චර ශෙයාර් වෙනවද කියනව නම් කැම්පස් වලට සිලෙක්ට් උන ඒලෙවල් කරපු අයත් කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා හිතනවා.හැබැයි. මට අනුව නම් මේ උඩ ස්ටේට්මන්ට් තනිකරම හීනමානය එළියට දාන ප්‍රකාශ.ඒ මොකද එස් තුනක් තිබ්බත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. කැම්පස් නූලෙන් මිස් උණත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. මෙතන පතුරන්න හදන බොරු මතවාදේ තමාකැම්පස් ගියාට වැඩක් නෑ කියන එක.. ඒක කාලය කා දැමීමක් කියන එක..ඒක අමූලික බොරුවක්.. ඉගෙන ගන්න දේ පැත්තකින් දාන්න.. එතනදි ඔයාට හැදෙන වැදගත්ම දේ තමයි පුළුල් පරාසය.. එතනදි ඔයාට එන දේ තමා සාමාජීය කුසලතා. විශාල දැනුමකට යොමුවීමේ හැකියාව.එතනදි ඔයාට ඔයාගේ ආකල්ප වර්ධනය කරගන්න පුලුවන්.. ඔයාට එතනදි සමානාත්මතාව වගේ ජීවිතයට එකතු කරගන්න පුලුවන් දේ බොහෝමයි.. එතනට ගියාම වැඩක් නෑ පරක්කු වෙනවා කියන්නේ අධ්‍යාපනයේ නියම තේරුම නොදන්න අය තමා.. එතන කාලය කිසිදාක නාස්තියක් වෙන්නේ නෑ.. මමත් කැම්පස් ගිහිල්ලා නෑ ඒත් අද වෙනකම් මම තාමත් පසුතැවෙනවා මට කැම්පස් යන්න බැරි උන එක ගැන.
ඒක නිසා ඔය බොරු මෝටිවේශනල් ටෝක්ස් වලට ඔයාලා අහුවෙන්න එපා.. කැම්පස් සිලෙක්ට් නම් යන්න.. ගිහින් ඒ අත්දැකීම විදගන්න.. ජීවිතය විදින්න.මොකෝ කැම්පස් ගිහිනුත් ඔය උඩින් අය කරපු දේවල් කරන්න පුලුවන් කියලා අමතක කරන්න එපා.