ඉතිං අවුරුදු පහකට පස්සේ පැවැත්වුණු ජනාධිපතිවරණය ඊයේ රාත්‍රිය වෙනකොට ප්‍රතිඵල ලැබී අවසන් වූයේ රට තුළ දැවැන්ත දේශපාලන පෙරළියක්ද ඇති කරමින්.මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටවීම ගොඩක් ප්‍රමාද වූ බව ඔබත් මමත් හොදින් දන්නා කරුණක්.මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල මාධ්‍යයෙන් නිකුත් කරන විට සවස හතර පහු වී තිබුණා.ඉතින් කොහොමහරි මෙවර ප්‍රබල ඡන්ද අපේක්ෂකයා ලෙස තරඟයට අවතීර්ණ වූයේ අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂයි.මීට අමතරව ඡන්ද අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරයාට නාමයෝජනා ඇතුළත් කර තිබුණා.මේ ප්‍රබල අපේක්ෂකයන් හතර දෙනා අතරිනුත් රටේ ජනතාව වැඩි අවධානයක් යොමු කළේ අනුර, සජිත් සහ රනිල්ටයි.ඒ අනුව ප්‍රථමයෙන් මාධ්‍ය විසින් තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ අතර , ඒ ප්‍රතිඵල වලට අනුව විශාල ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක විසින් ජයගෙන තිබුණා.ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් මන්දගාමීව දකුණු පළාතේ ඡන්ද ප්‍රතිඵල සහ උතුරු පළාතේ චන්ද ප්‍රතිඵල නිකුත් වූ අතර , මේ ප්‍රතිඵල අතර විශේෂයක් දක්නට ලැබුණා.
දකුණු පළාතේ සෑම ඡන්ද කොට්ඨාසයකම ජයග්‍රහණය අනුර කුමාර දිසානායක විසින් ජයගත් අතර ,මහනුවර නුවරඑලිය දිස්ත්‍රික්කවල වැඩි වාසිය තමන් සතු කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වුණේ ඡන්ද අපේක්ෂකයන් කිසිවෙකුට 50% ක බලයක් ලබා ගැනීමේ හැකියාවට දැඩි පහරක් එල්ල කරමින්.රනිල් වික්‍රමසිංහ දැඩි අභියෝගයක් එල්ල නොකළත්, 17% පමණ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ නිසා එයද එක් අපේක්ෂකයකුට 50%කට වඩා වැඩි බලයක් ලබාගත නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වුණා.ඒ අනුව ඡන්ද ගණන් කිරීම අවසන් කිරීමත් සමඟ අඳුරු කුමාර දිසානායක 42% ක ප්‍රතිශතයක් සහ සජිත් ප්‍රේමදාස 32% ප්‍රතිශතයක් ලබාගෙන තිබුණ නිසා, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනාධිපතිවරණයකදී දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදුවුණා.කෙසේ හෝ දෙවැනි මනාපය ගණන් කිරීමත් සමඟ නැවතත් තමන් රටට සුදුසුම පුද්ගලයා බවට ජනතාවගේ කැමැත්ත මනාව පිළිබිඹු කරමින් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණා.ඉතින් අද උදෑසන ඔහු චාම් උත්සවයකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර තම රාජකාරි ආරම්භ කලා.ඉතින් අපි බලමු ඉදිරි අවුරුදු පහ ඔහුගේ ක්‍රියාමාර්ග කෙසේ රටේ දියුණුව කෙරෙහි බලපායිද කියලා.