හැම මනුස්සයෙක්ම තනිවම අරගලයක..

in hive-133716 •  3 months ago 

1000124672.jpg
source

අපි හැමෝම නිහඬවම ජීවිතයේ විවිධාකාර වූ අරගලයන් වල නිරත වෙමින් තමයි ඉන්නේ.ඉතින් අපි ලබා ගන්නා හැම කඩඉමක්ම ලේසි පහසු නැහැ ඒවා අපි අමාරුවෙන් ජයගත්තත දේවල්.ඒ වගේම ජීවිතේට එන අභියෝග , ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට අපිට තනිවම මුහුණ දෙන්න සිදු වෙනවා.ඒවගේම අපිට එන සමහර ප්‍රශ්න වලට අපිට අපි වටේ ඉන්න අයගෙන් විවිධාකාර වූ උදව් හම්බෙනවා.ඒ වගේම තමයි සමහර අවස්ථාවන්වලදී අපිට ගැරහුම් අපහාස වගේම නින්දා වන් වලට ලක් වෙන්න සිදුවන අවස්ථා තියෙනවා.ඇත්තටම එහෙම කරන එක හරිද? පුද්ගලයෙක්ගේ දුර්වලතාවයන්හිදී , අඩුපාඩු වලදී ඔවුන්ව පහත් කරන එක , ඔවුන්ට අපහාස කරන එක පහත් මනුස්සයෙකුගේ ලක්ෂණයි.ඉතින් අද කතාවත් ඒ හා සම්බන්ධයි.කියවලා ඔයාගේ අදහසක් යටින් ලියන්න අමතක කරන්න එපා.


2018-11-19 'රැස' පුවත්පතේ පලවුණු රන්සර බණ්ඩාර මහතා ගේ ලිපියකින් කොටසක්...

මම මීට අවුරුදු දෙකකට තුනකට කලින් දවසක පන්තියක උගන්නවමින් ඉන්න අතරතුරේ උපමා කතාවක් ඇදල ගත්තෙ දරුවන්ට පාඩම තවත් හොදින් පැහැදිලි කරන්න හිතාගෙන,
''ළමයි අහල තියෙනවද කණා කිරි කාපු කතාව''
ඒත් මම කතාව නැවත්තුවෙ පන්තියෙ ඉස්සරහම පේලියෙන් කවුරු හරි ලොකු හුස්මක් පහලට දානව ඇහුන නිසා. එතකොටම මට මතක්වුනා ඇස් දෙකම පොඩ්ඩක්වත් නොපෙනෙන, ඒ වුනාට පුදුමාකාර කැපවීමකින් ඉගෙන ගන්න දරුවෙක් මෙි පන්තියේ ඉන්නව නේද කියන එක. ඒ විතරක් නෙමෙයි දරුවව පන්තියට ගෙනත් ඇරලපු එයාගෙ තාත්තත් ඒවෙලාවෙ හිටියෙ පන්තියේම පිටිපස්සෙ වාඩිවෙලා.

ඇස් නොපෙනෙන දරුවගෙ දුක්බර මුහුණ දිහෑ බලපු මට කොහෙත්ම ඒ දරුවගෙ තාත්ත දිහා එක එල්ලෙ බලන්න ශක්තියක් තිබුණෙ නෑ. ''කණා'' ඒක මොනතරම් කැත වචනයක්ද ? ඇස් දෙකම පේන්නෙ නැති මනුස්සයෙකුට කොච්චර රිද්දන්න පුලුවන් වචනයක්ද ? ඒක මම නොහිතා, අහම්බයකින් කියපු වචනයක් කියල ඒ අහිංසක දරුවා පස්සෙ තේරුම් ගන්න ඇති. ඒ වුනාට ගුරුවරයෙක් විදිහට මට ඊට වඩා වගකීමකින් වචන භාවිතා කරන්න තිබුණා.

තවත් දවසකදි පන්තියෙ කැපී පෙනෙන විදිහට වැඩ කරන දක්ෂ දරුවෙක් එදා හිටියෙ බොහොම උදාසීනව පාඩම ගැන කිසිම උනන්දුවක් නැතිව. මෙික දැකපු මට ඇතිවුනේ හරිම කේන්තියක්. ඒ හින්දම මම පන්තියේ අනිත් ලමයි ඉස්සරහ අර දරුවට දොස් කිව්වෙ හිතාමතාම ඔහුව ලැඡ්ඡාවට පත්වෙන විදිහට. හැබැයි ඒ දරුව ඒකට ප්‍රතිචාර දැක්වුවෙ ඇස් දෙකේ කදුලු පුරෝගෙන හරිම අහිංසක හිනාවකින්. පන්තිය ඉවරවෙලා මම පහළට බහිනකන් එයා මම එනතුරු මග බලාගෙන උන්න.
''සර් සමාවෙන්න මම අද ටිකක් අවුලෙන් හිටියට''
ඒ එයා පළවෙනියට සමාව ගත්තු විදිහ.
හැබැයි එයා දෙවනුව කියපු දෙයින් සමාව ගන්න වුනේ මට,
''සර් අද තමයි සර් මගේ අම්ම නැති වෙච්ච දවස''

❝අප අනෙකාගේ අරගල නොදන්නා තුරු අවම වශයෙන් අපහාස නොකර සිටීමට හෝ උගත යුතුයි...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!