රටේ දේශපාලනය-1

in hive-133716 •  2 months ago 

1000113256.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා.අද ලියන්න යන්නේ ශ්‍රී ලාංකිකයන් බොහෝ සෙයින් කත කරන්න අකමැති මාතෘකාවක් ගැන.ඒ තමයි අපේ රටේ දේශපාලනය.ඇත්තටම අවුරුදු හැත්තෑ හතරකට වැඩි කාලයක් තිස්සේ රට පාලනය කරපු දේශපාලකයින් බොහොමයක් කළේ කෙටියෙන්ම මේ රටට වින කරපු එක.මොකද රටේ මෙතරම් ස්වභාවික සම්පත් තිබිලත් රටට හොඳ දේශගුණයක් තිබිලත් මේ රට මේ තත්වෙ තියනවා කියන්නේ එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා.මේ රටේ සිදුවුණු වංචා දූෂණ ගැන කතාවෙන හැටියට මේ රට මේ තත්ත්වයෙන් හරි තියෙන එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන.මොකද මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් වන බෙහෙත් වලින් පවා ගාණක් තමන්ට තියාගෙන ප්‍රමිතියක් නැති බෙහෙත් ගෙන්නපු සෞඛ්‍ය ඇමතිලා හිට්පු රටක් මේක.ඉතින් ඔය වගේ මහ බැංකු හොරකම, සීනි බදු වංචාව වගේ ලොකු ලොකු මූල්‍ය දූෂණ මේ රටේ අපිට අහන්න ලැබිලා තියෙන දේවලින් ටිකක් පමණයි.ඉතින් හිතන්න අපි දන්නේ නැති කොච්චර වංචා මේ රටේ සිදුවෙලා ඇද්ද?

ඉතින් ඔය වගේ දේවල් එකතු වෙලා එකතු වෙලා එකපාර පෝලිම් යුගය ඇරඹුණේ කොරෝනා වසංගතයක් එක්කමයි.ඉතින් එතකොට පාලනය කරෙත් රාජපක්ෂ කෙනෙක්ම තමයි.හොඳම දේ මේක නෙවෙයි එතකොට රටේ දේශපාලනය තනිකරම වට වෙලා තිබුණේ රාජපක්ෂ රෙජිමයක් ඇතුලේ.මොකද අගමැති මහින්ද රාජපක්ෂ වගේම , බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියන සහෝදරයන් ළමයි තනිකරම පාර්ලිමේන්තුව ඉහළම තැන්වල හිටියා.පෝලිම් යුගයත් එක්ක මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර ආරම්භ වූ අරගලය නිසා රටේ දැවැන්ත දේශපාලනික විපර්යාසයක් සිදුවුණා.ඒ දේශපාලන විපර්යාසය රටේ ඇමතිවරු මන්ත්‍රීවරු සියල්ල මහජනතාවට යටින් ඉන්නේ කියලා පෙන්නන තරමට ප්‍රබල වුණා.මිනිස්සුන්ට රටේ දේශපාලකයන්ගේ බොරු වංචා ගැන,හොඳින් තේරෙන තරමට වගේම ඒ ගැන ප්‍රශ්න කරන තරමටම මිනිස්සුන් වෙනස් වුණා.එහි ප්‍රතිඵලයක් වුණේ පසුගිය ජනාධිපතිවරණයයි.ඒ ගැන ඊළඟ කොටසෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.මොකද මේක ටිකක් ලොකු මාතෘකාවක් ඒ නිසාම කොටස් කීපයකින් ලිව්වනම් හොඳයි කියල හිතුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community