ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ මම පොඩි කාලේ ආසාවෙන් කරපු , ඒත් පස්සේ වෙලාවක් නැති නිසා අකමැත්තෙන් උනත් මගහැරුණු දෙයක් ගැන.ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් A4 කොළ වලින් එක එක විදියේ ලස්සන නිර්මාණ හදන්න වගේම රෙදි වලින් පොඩි පොඩි දේවල් මහන්නත් ගොඩක් ආසයි. ඒ කාලේ ගොඩක් වෙලාව තිබුණ නිසා මම කරන්නෙම ඔය වැඩේ.හරියට මගේ විනෝදාංශය වගේ තමයි.ඒත් ඉතින් පස්සේ Job එකත් එක්ක ඒක මගහැරිලම ගියේ වෙලාවක් වගේම නිදහසත් ගොඩක් දුරට අඩුවෙන නිසා.ඒත් ඉතිං ආසාව නම් පොඩ්ඩක්වත් අඩු නැහැ.ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දී , කකුලේ නියපොත්ත කැඩුන නිසා දවස් තුන හතරක්ම මට ගෙදර ඉන්න සිද්ධ වුණා.ඒනිසාම කොහෙටවත් ඇවිදින්න යන්නේ නැතුව ඇඳට වෙලාම ඉන්න කියලා තමයි දොස්තරත් උපදෙස් දුන්නේ.
එහෙම කිව්වට කොහොමද ඇදටම වෙලා ඉන්නේ?ඒත් එහෙම නොකරත් බෑ , මේක ඉක්මනට හොඳ කරගන්නත් එපැයි.ඔන්න ඔය ප්‍රශ්න දෙකේ තමයි මම ගිලිලා හිටියේ.ඕක ගැන හිත හිත මම youtube එකේ වීඩියෝ එකක් බලද්දි අහම්බෙන් මට A4 වලින් ලස්සන නිර්මාණ කරන වීඩියෝ එකක් දකින්න හම්බවුණා.ඉතින් ඒකත් එක්ක තමයි මගේ පරණ ආසාවල් ඉෂ්ට කරගන්න මේක හොඳම වෙලාව කියලා මට හිතුනේ.ඒකත් එක්කම තිබුණ පාට A4 කොළ තුන හතරක් හොයාගත්ත මම පරණ වැඩේට බැස්සා.ඉතින් එහෙම හදපු නිර්මාණයක් තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නේ.අනිත් ඒව නම් මම යාළුවොන්ට දුන්න නිසා ඒ වල ෆොටෝ ගහගන්න බැරි උනා.ඉතින් ඔය විදියට තමයි මගේ ඒ දවස් දෙක තුන ගත වුණේ.ඔය වැඩේ හින්දම මගේ වේදනාවත් ගොඩක් දුරට අඩු වුණා කිව්වොත් හරි.😌
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Handcrafts are a different kind of meditation.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit