source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.කාලෙකට පස්සේ තමයි ලියන්න අවස්ථාවක් හම්බ වුණේ. වැඩත් එක්ක හිර වුනාම ලියන එකත් නිකම්ම මගහැරෙනවා.ඉතින් ඒක නිසාම free time එකක් හම්බ උනත් ගොඩක් වෙලාවට ඒක ලියන්න තරම් ප්‍රමාණවත් වෙලාවක් නෙවෙයි.කොහොමහරි මම මුහුණු පොතේ ඉහළ පහළ යන වෙලාවක අහම්බෙන් මට පකිස්ථාන හා එංගලන්ත තරගාවලියේ අපූරු සිදුවීමක් ගැන දැනගන්න ලැබුණා.මේක ටිකක් අමුතු සිදුවීමක් ඒ වගේම කියවද්දි අමුතුම හැඟීමක් හිතට දැනෙනවා. ඔයාලා ක්‍රිකට් තරඟ බලනවා නම් පොඩි අදහසක් ඇති පසුගිය කාලයම පකිස්ථාන කණ්ඩායම එක දිගට ලැබුවේ පරාජයන් පමණයි.ඒ වගේම ඔවුන්ට අවාසනාවන්ත ලෙස මව් රටේ පැවති තරගාවලින් ජය ගන්න ලැබුණේ නැහැ.කෙසේ හෝ එවන් වටපිටාවක තමයි ඔවුන්ට එංගලන්ත තරගාවලියත් යෙදෙන්නෙ.ඉතින් මේ සිදුවීම ගැන ඉෂාන් සිරිවර්ධන කියලා පුද්ගලයෙක් මුහුණු පොතේ සටහනක් යොදලා තිබුණා හරි ලස්සනට.ඉතින් ඔහුට ඒ ගැන සම්පූර්ණ ගෞරවය ලබාදීලා ඒක මේකටත් දාන්න මම හිතුවා.කියවලා බලලා ඔයාගේ අදහසත් ලියන් යන්න අමතක කරන්න එපා.
ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් වීරයෙක් ඉපදුණා.
එංගලන්තය සමග වූ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් පරාජය වූ මොහොතේ පාකිස්තාන කණ්ඩායමට වෙනසක් අවශ්‍ය වුණා.
ඒ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව අඩියටම ඇද වැටුණු මොහොතක්. මින්පෙර ඔවුන් බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය ද පරාජය වී තිබුණා.
පාකිස්තානය ක්‍රිකට් ලෝකයේ දුර්වලම රාජ්‍යය යැයි මතයක් ගොඩනැගෙමින් තිබුණා.
ඒ අනුව ඔවුන් ලබා ගත්තේ අපහසුම තීරණයයි. 'වෙනස' ඉහළම සහ අපහසුම ස්ථානයෙන් ඇරඹීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණා.
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විසින් ගොඩනගමින් තිබූ වීරයා 'බාබර් අසාම්' කණ්ඩායමෙන් ඉවත් කිරීමට පාකිස්තාන කළමනාකාරීත්වය කටයුතු කළා.
ඒ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ හැකි බරපතල සහ ඉහළම වෙනස.
බාබර් අසාම් යනු ඔවුන් විසින් ප්‍රවේශමෙන් ගොඩනැගූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයා.
ඉන්දියාව විසින් විරාත් කෝලි ගොඩනගද්දී ඊට එරෙහිව පාකිස්තානය තෝරා ගත්තේ බාබර් අසාම්.
නමුත් කෝලි සතුව තිබූ විභවයෙන් අර්ධයක් හෝ බාබර් අසාම් සතුව නැතැයි ද, ඉන්දියාව විසින් කෝලි ගොඩනගනවාටත් වඩා කෝලි විසින් ඉන්දියාව ගොඩනගමින් සිටිනවා යැයි ද අවබෝධ කර ගැනීමට පාකිස්තානයට නොහැකි වුණා.
අවබෝධ වූවත් එය පිළිගැනීමට ඔවුන් සුදානම් වූයේ නැහැ.
බාබර් අසාම් කණ්ඩායමෙන් ඉවත් කරනවා නම් කණ්ඩායමේ නොකළ හැකි හෝ අත නොතැබිය හැකි තවත් තැනක් තිබුණේ නැහැ.
ඒ අනුව කණ්ඩායමට තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගෙන ආවා.
ඒ 38 හැවිරිදි නොමාන් අලී සහ 31 හැවිරිදි සජිද් ඛාන්.
පාකිස්තාන පළමු පෙල ක්‍රීඩාවේ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨයන් වූ ඔවුන් අන්තර්ජාතික තලයේ ප්‍රවීණයන් නොවෙයි.
නොමාන් ගේ සහ සජිද් ඛාන් ගේ කැඳවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රභාත් ජයසූරිය ගේ, මාලින්ද පුෂ්පකුමාර ගේ හෝ සජීව වීරකෝන් ගේ කැඳවීමට සමානයි.
එතෙක් ඔවුන් ආරක්ෂා කළ තාරුණ්‍ය මූලික ප්‍රතිපත්තිය සහ වේග පන්දු යවන්නන් මූලික ප්‍රතිපත්තිය පසෙක ලා මේ ජ්‍යේෂ්ඨ දඟ පන්දු යවන්නන් කැඳවීමට පාකිස්තානය කටයුතු කළා.
එතැන් සිට සිදු වූ දේ ඉතිහාසයේ ලියැවෙනවා.
එංගලන්තය සමග වූ තුන්වන ටෙස්ට් තරගයත් පාකිස්තානය ජය ගත්තා.
ඒ අනුව 2-1 ක් ලෙස තරගාවලි ජයග්‍රහණයත් හිමි වූයේ ඔවුන්ට.
මේ ඔවුන් 2021 වසරෙන් පසුව සිය මව්රටේ ලැබූ පළමු තරගාවලි ජයයි.
ඔවුන් ජය මාවත ට කැඳවා ගෙන දෙවන තරගයේ වීරයා වූ සජිද් ඛාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.
තරගාවලිය තුළ ඔහු කඩුලු 19 ක් දවා ගෙන තිබුණා. නොමාන් අලී කඩුලු 20 ක් දවා ගත්තා.
සජිද් ඛාන් ට වඩා නෝමාන් කඩුලු ලබා ගත්තත්, ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වීමට හේතු වූ කරුණු කිහිපයක් තිබුණා.
බිඳ වැටී තිබූ පාකිස්තානයට ජයග්‍රහණය කළ හැකි යැයි වන මානසිකත්වය ඇති කළේ සජිද් ඛාන්.
ඔහු පිටිය මැද පන්දු යවන්නෙක් හෝ හුදකලා ක්‍රීඩකයෙකුට වඩා මහා පෞරුෂයක් මෙන් දිස් වුණා.
ඔහුගේ සටන්කාමීත්වය, අත්නොහරින ගුණය පාකිස්තානය ලැබූ ජයග්‍රහණයට හේතු වුණා.
තෙවන තරගයේ පළමු ඉනිමේ පිතිකරණයේ යෙදෙද්දි පන්දුවක් නිකටෙ හි වැදී ලේ ගලද්දී, ඔහු ඊට මුහුණ දුන් ආකාරය තුළම සජිද් ඛාන් ගේ ආකල්පය ලියැවී තිබුණා.
සිය මුහුණෙන් ලේ ගලද්දී ඔහුගේ දෑස් වල ලියැවී තිබුණේ ආඩම්බරය සහ අභිමානය පමණයි. ඔහු වේදනාව මායිම් කළේ නැහැ.
කිසිම අයුරකින් සිය ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය ලබා දීමට ඔහු සුදානමින් සිටියේ නැහැ.
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට කඩුලුවලටත් වඩා යමක් ඔහුගෙන් ලැබුණා. ඒ සටන්කාමී සහ ධනාත්මක ආකල්පයයි. ඒ මොහොතේ පාකිස්තානයට අවශ්‍යව තිබුණේත් එයයි.
එය කඩුලු 20 ක් දවා ගත් නෝමාන් සිටිය දී කඩුලු 19 ක් දවා ගත් සජිද් ඛාන් ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වීමට ප්‍රධාන හේතුවක්.
රුධිරයෙන් නැහැවී සිටින ආඩම්බරකාර උඩු රැවුලක් හිමි සජිද් ඛාන් ගේ එම ඡායාරූපය ක්‍රිකට් ඉතිහාසයේ දරදඬුම මොහොතක් ලෙස ඉතිහාසගත වේවි.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit