ඉතින් යාළුවනේ මම වැඩිය ශ්‍රී ලංකාවේ විකාශනය වෙන ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙමෙයි.ඇත්තටම ඒ බහුබූත වලට මම ආස නැහැ වගේම ඒකෙන් වෙන්නේ මනසට වින්දනයක් නෙවෙයි තවත් කරදරයක් විතරයි.ඒ කාලේ විකාශනය වුණ ටෙලි ටෙලිනාට්‍යත් දැන් විකාශනය වන ඒවත් බැලුවම ලොකු පරස්පරතාවයක් තියෙනවා.මගේ නම් ඔලුව තවත් අවුල් වෙනවා.එය කොහොම වුනත් සුපිරිම ගනයේ ටෙලි නාට්‍ය තවමත් බිහිවෙමින් තියෙනවා.ඒ ටෙලි නාට්‍යවලට නිසි තැනක් ලැබෙනවද කියලා නම් තියෙන්නෙ ප්‍රශ්නවර්ථයක්.වර්තමානයේ විකාශනය වන අමුතු දොස්තර ටෙලිනාට්‍යයත් මට අනුව නම් සුපිරිම ගණයේ ටෙලි නාට්‍යයක්.ඒ වගේම අද ලියන්න යන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට විශාල ප්‍රමාණයක් බලලා ඇතැයි කියලා සිතන ටෙලිනාට්‍ය අතරින් ඉහළම ස්ථානයේ තියෙන එකක් ගැන.
ඉතින් මේකෙ නම තමයි කූඹියෝ.මම බලලා තියෙන ශ්‍රී ලංකාවේ විකාශනය වුන ටෙලිනාට්‍යය අතරින් ඉහළින්ම තියෙන ටෙලි නාට්‍ය තමයිි මේක.මොකද අවසානය වෙනකම්ම හිතාගන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා.කුතුහලය දවසින් දවසට වැඩිවෙන කතාවක්.දේශපාලනය පාදක කරගෙන බිහිවුණ ටෙලි නාට්‍යයක් තමයි මේක.ඒ නිසාම කතාවේ රසය තව තවත් වැඩි කරන්න අධ්‍යක්ෂක විදියට ලක්මාල් ධර්මරත්න සමත් වෙලා තියෙනවා.මේ ටෙලි නාට්‍ය විකාශනය වුණේ 2017 වර්ෂයත් 2018 වර්ෂයත් යන වර්ෂ දෙකේ.ඇත්තටම වසර දෙකක විකාශනය වුණාට කතාවට තිබුණේ episodes 57ක් විතරයි.මේ කතාව ගැන නම් කිසිම හැඳින්වීමක් කරන්නත් අමාරුයි මොකද ඒ තරම් අමුතුම ගනයේ කතාවක් තමයි කූඹියෝ කියන්නේ.පුරාවට විවිධ නළුවන් විසින් රංගනයෙන් දායක වෙනවා වගේම කතාවට විශිෂ්ට දායකත්වයක් ලබා දෙනවා.කොහොම හරි කතාවේ ප්‍රධාන නළුවන් විදියට කතාව පුරාවට රසය සහ කුතුහලය තව තවත් වැඩි කරමින් රංගනයෙන් දායක වෙන්නේ කලණ ගුණසේකර සහ තුමිඳු දොඩන්තැන්නයි.ඉතින් බලල නැත්නම් ඔයාට අදම බලන්න කියලා මම මේක නිර්දේශ කරනවා.