පුතේ අම්මට පිස්සු හැදිලා....

in hive-133716 •  last month 

1000098681.jpg
source

ඉතින් යාලුවනේ අද මං ලියන්න යන්නෙ කියවද්දි මගේ ඇස් වලට කදුලු ආපු ඉතාම සංවේදී article එකක් ගැන.මම කියවල තියෙන කවි වලින් මම ගොඩක්ම සංවේදී වෙන්නේ අම්මල තාත්තලා ගැන ලියලා තියෙන කවි වලට.මම දන්නෑ කවියන් හා කිවිදියන් අපේ හිත්වල ගිලා බැස තියෙන හැඟීම් උද්දීපනය කරන්නත් , ඒක සමාජයට ගෙන එන්නත් මේ කවි හරි අපූරුවට යොදාගන්නවා.අපිට වචන දාහකින් කියල නිම කරන්න බැරි දේවල් කවියන් හා කිරිඳියන් එක කවියකින් හෝ දෙකකින් හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මම අද ලියන්න යන්නෙත් මම කියවපු කවි අතරින් මම ගොඩක්ම සංවේදි වුනු කවියක් ගැන.ජීවිතයේ ලබන්න පුළුවන් ලොකුම පසුතැවීම තමයි පුළුවන් කාලෙ අම්මට තාත්තට හරියට සලකගන්න බැරි උනා කියලා ඔවුන් අපි අතරින් සමුගත්තම දැනෙන හැඟීම.මම හිතනවා ඒක ලොකුවටම දැනෙන්නෙ තමන් මවක් හෝ පියෙක් උනාට පස්සේ.ඇත්තටම මට මේකේ සැබෑ අයිතිකාරයා හෝ අයිතිකාරී හොයාගන්න පුළුවන් වුණේ නැහැ.නමුත් ඔහුට සම්පූර්ණ ගෞරවය මේක හිමි වෙන්න ඕන.කියවල බලන්න කවිය කොච්චර සංවේදීද, කොයිතරම් දුරට ඇත්ත අපි ඉදිරියේ ගෙන එන්නේ ඔහු හෝ ඇය සමත් වෙලා තියෙනවද කියලා.


සාමාන්‍යයෙන් තාත්තලා ළමයින්ට මැසේජ් යවන්නෙ නැතිම තරම් , මේ තාත්තත් එහෙම වෙන්නැති.. හැබැයි අවසානයේ දිග මැසේජ් එකක් යවනවා තමන්ගෙ එකම පුතාට.
ඒ මෙහෙම 👇

පුතේ අම්මා ,,____________

එකම විදිහට මාස ගාණක්
ඔයා සතිඅග එයිම හිතලා
දෙකට විතරම පාන්දර මහ
උයනවා ඇය නැගිටලා
මිඳුල් අතුගා ගෙවල් හෝදන්
නුබේ රෙදිටික තියනවා
මලුත් කඩලා වැඳන් බුදුනුත්
පේවෙලා මඟ බලනවා
....................................................
උදේ හත අට වෙද්දි මුහුණත්
පුලුටු කරගෙන මා දිහා
පුතේ බලබල උන්නෙ හිතකින්
නෙවෙයි ඈනම් ඉවසලා
දොලහ පහුවෙන විටදි ඇඳුමක්
දමන් යන්තම් සැරසිලා
පාර අයිනට ගිහින් එනකල්
ඉන්නවා ඇගෙ හුරතලා
.....................................................
හවස හත අට වෙද්දි හිමිහිට
ගාටලා ඈ ගේ දිහා
ටෝච් එකගෙන ආයෙ පාරට
යන්නෙ ඒවිම හිත හිතා
ෆෝන් වැඩනැති නිසා කලබල
වෙලා කඳුලුත් හල හලා
බැරිම තැන ඇය නින්දෙ වැටුනෙම
නොකා පුටුවේ ඇලවෙලා
.....................................................
පුතේ පාසල් යද්දි මතකයි
කෑම රස්නෙට ඕනෙ කියලා
අතේ අරගෙන දවල් උයලයි
දුන්නෙ ගෙනිහින් පයින් අම්මා
ඉහේ තියලයි උඹව හැදුවේ
රත්තරං මගෙ පනේ කියලා
හිතේ ඇතිනේ හුඟක් දේවල්
ඒකමයි ඔය උන්නෙ බලලා
.....................................................
කෝල් ගන්නෑ වැඩිය දැන්නම්
ලේලි අරගෙන තියයි බැනලා
නුඹට නම් නෑ අපිට කොහොමත්
කවුද ඉන්නේ නුඹව නැතිදා
එකයි කියලා සෙනෙහෙ දුන්නත්
කමක් නෑ නුඹ හිතින් හැරලා
" පුතේ එන්නට ඕනෙ නෑ මෙහෙ
හිතන්නෑ දැන් අම්මා ඕවා ,,
.......................................................

කමුද ඇහුව්වම හිනා වෙනවා
හිනාවෙද්දී අඬනවා
යමුද කිව්වම ඔහේ යනවා
අල්ල ගන්නේ පන්නලා
හිතට දුකමයි ඒත් කම්නෑ
මේක දැන්මට හුරුවෙලා

"ආයෙ එන්නට ඕනෙ නෑ නුඹ
පුතේ අම්මට පිස්සු හැදිලා ,, 😥
......................................................

මොනව ගැන පසුතැවීමක් ඉතිරිවුනත්
කවදාවත් අම්ම තාත්තට බලන්න බැරුවුනා කියන පසුතැවීම නම් ,,
ජීවිතේට එකතුකරගන්න එපා.

මේ ලෝකෙ වැඩියෙන්ම අපිට ආදරේ ,,
අම්මයි තාත්තයි .🙏

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

IMG_20240930_084439.png

Congratulations!!🎉🎉 Your post has been upvoted by TEAM 03 (content seekers) using steemcurator05. Continue making creative and quality content on the blog. By @damithudaya