විහින් මැරෙන මිනිස්සු

in hive-133716 •  last month 

1000101041.jpg
source

මම මුහුණ පොතේ ඉහළට පහළට යද්දී අහම්බෙන් දැක්ක එක පින්තූරයක් සෙරෙප්පු ගොඩක් ගොඩ ගහලා තිබුන, ඒකෙ caption එක විදිහට තිබුණේ, මේ තියෙන්නේ අයිති කරුවෙක් නැතුව ඉස්පිරිතාලෙ පැත්තක ගොඩ ගහලා තිබුනු සෙරෙප්පු ටිකක්.
සෙරෙප්පු අමතක වෙලා ගිහින් නෙවෙයි කියලා.මට ලොකුවට තේරුනේ නැති නිසා නිකමට comments කියවල බැලුවම තමයි හරියට තේරුනේ.ආයිමත් ඉස්පිරිතාලෙ ඉදලා කකුල් දෙකින් ගෙදර නොගිය නිසා කියල.ගෙදර අයටත් සෙරෙප්පු දෙකට මොකද උනේ හොයන්න අමතක වෙලා.ඒ ඊටත් වඩා වටිනා දේවල් අහිමි වූ නිසා.තනිවුනු සපත්තු වේ අනිත් එක සමහර විට පාරෙම ඇති.නැති නම් මෝචරියේ ‍එලියේ කොහේ හරි කෙලවරක වීසි කරලා ඇති.

ගොඩක්ම තරුණ කොල්ලොන්ට තියෙන පිස්සුවක් තමයි bike එකක් ගත්තහම , වාහනයක හරි පුළුවන් තරම් වේගෙන් ‍යන එක.ගොඩක් වෙලාවට තරගෙටත් යාළුවොත් එක්ක මේ එදිනෙදා මිනිස්සු ගමන් ගන්නා මහ පාරේ පුළුවන් තරම් වේගෙන් යන්නේ ඔවුන්ගේ ජීවිත වගේම අනේ මිනිස්සුන්ගේ ජීවිතත් දැඩි අවදානමක තියලා.ඒ නොමනා රේස් නිසාම නැතිවුනු අසරණ ජීවිත ගැන ගොඩක් කණගාටු දායක කතා අපිට අහන්න ලැබිලා තියෙනවා.ටිකෙන් ටික වගකීම් වැඩි වෙද්දී ජීවිතේ බර හරියට ඔලුවට ගැහුවම තමන් ගමන් ගන්නා වාහනේ වේගයත් නිකමටම අඩුවෙනවා,හැබැයි ඒක හැමෝටම එහෙම නෑ.තමන්ට සුක්කානම කොතරම් හුරු පුරුදු උනත් අනතුරක් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි අධික වේගය නිසා.පාරට බැස්සහම පරිස්සමින්.
ඔයාගේ වගේම අනිත් අයගේත් ගෙවල් වල අය ඔයාලා එනකම් මග බලාගෙන ඇති.ඉතින් අර කැඩිච්ච, හිල් වෙච්ච සෙරෙප්පු මැද්දේ තව එක කලු සපත්තුවකුත් තිබුනා. ඒක් මගුල් ගෙදරක ගිහින් එන ගමන් හිටිය දරුවෙකුගේ එකක්.අනිත් සපත්තු ව කොහේද දන්නේ නෑ ..ඒකට තමයි මගේ ගොඩක්ම හදවත සංවේදී වුණේ.ඉතින් ආයෙත් වතාවක් කියන්නේ හැමෝම පරිස්සමෙන්, ප්‍රශ්න දාහක් ඔලුවෙ තිබ්බත් පාරට බැස්සහම හරි අවධානයෙන් ගමන් කරන එක අපි හැමෝටම ගොඩක් වටිනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මාත් බයික් එකෙන් වැඩට යන එන නිසා හැමදාම හරි කල්පනාවෙන් තමා යන්නේ එන්නේ..ඒ උනත් අපි හරියට ගියත් වෙන කෙනෙක්ගේ වැරැද්දක් නිසා අපිට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක්ම වැඩි මේ කාලේ..