රියැලිටි පිස්සුව

in hive-133716 •  9 days ago 

1000129296.png
source

ඉතින් අද ලියන්න යන්නෙ ලංකාවේ රියැලිටි තරග ගැන. ඇත්තටම මොකක්ද අපේ රටේ මේ යන රියැලිටි තරග වල තත්වෙ.ඉතින් මම එකින් එක ගැන වෙන වෙනම ලියන්න යන්නෙ නෑ.ඒ නිසාම පොදුවෙ එකක් ගැන ලියන්න හිතුව.මේ වෙනකොට ලංකාවේ රියලිටි තරඟ එක එක මාධ්‍ය ජාලාවලින් එක එක ආකාරයෙන් පවත්වනවා. සමහර රියැලිටි තරඟ වල ඇත්තටම දක්ෂයන් බිහිවෙනවා වගේම සමහර තරග ගැන යම්කිසි අපැහැදිලි කමක් තියෙනවා.මේ වෙනකොට ගොඩක් තරග වලින් වෙන්නේ දක්ෂයින්ටත් වඩා ජනප්‍රිය කමින් වැඩි තරුණයන් හා තරුණියන් ඉදිරියට ගෙන යන එක.ඒකට හේතුවකුත් තියෙනව, මොකද මාද්‍ය නාලිකා වලටත් ඕන ඔවුන්ගේ නාලිකාවල තියෙන ජනප්‍රියත්වය වැඩි කර ගන්න එක. තරුණ තරුණියක් ගොඩක් යටියට තරඟ වලට යන්නේ ඔවුන් හීන දහසක් හිත තුළ තියාගෙන.

නමුත් තරඟවලදී තරඟකරුවන්ගේ දක්ෂතාවය පසෙකලා ඔවුන්ගේ දුක, දුප්පත්කම market කරනවනම් ඒ රියැලිටි තරග වල ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම මං දකිනවා ගොඩක් රියැලිටි තරගවල negative marketing ගොඩක් දුරට තියෙනව.ඒක කොච්චරක් දුරට ගිහිල්ල තියනවද කියනවනම් තරගයේ සිටින විනිශ්චයකරුවන් විවාද වලටත් එහා ගිහින් රණ්ඩු වෙවී තරඟවල ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට තරම් මාධ්‍ය සදාචාරය පහළට වැටිලා තියෙනවා.මේ රියැලිටි තරග මෙහෙයවන්නන් පවා ඒ හා ආදාලවම යමින් මාධ්‍ය නාලිකා සහ ඔවුන්ගේ තත්ත්වයනුත් ගොඩක් පහත් තත්ත්වයකට වැටිලා තියෙනවා.ඉතින් මගේ මතයට අනුව නම් රියරිය තරඟ තියෙන්න ඕන දක්ෂයන්ට ඉස්සරහට එන්න.නමුත් ඔවුන් ඒක ඔවුන්ගේ මාධ්‍ය නාලිකාවල ජනප්‍රියත්වයට විතරක් යොදාගෙන තියෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනව.....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!