ඔබේ වටිනාකම තියාගන්න

in hive-133716 •  last month 

1000100176.jpg
source

ඉතින් යාලුවනේ අද ලියන්න් යන්නෙ අපේ ජීවිතේ කොච්චර වටිනවද කියල. මේක අපේ ජීවිතයට සෑහෙන්න් ව්ටින මතෘකාවක් මොකද ගොඩක් වෙලාකට මිනිස්සු ජීවිතය නැති කරගන්න , ජීවිතයට හානි කරගන්න උත්සාහ කරන්නෙ ඔහුගෙ හෝ ඇයගෙ වටිනාකමක් අනිත් අයට හෝ තමන්ට නෑ කියල හිතල. ඒත් ඒක එහෙම නෑ. හැම ජීවිතයකම සෑහෙන්න වටිනාකමක් තියෙනව ඒත් මිනිස්සුන්ට ඒක් ගැන හරි අදහසක් නෑ. මිනිස්සු කොයි විදියට ඔබව පහත් කරන්න හැදුවත් ඔබගේ වටිනාකම හැල්ලු කරන්න හැදුවත් ඔබ ඒක ගැන හරි අදහසක් අරගෙන ඒව ගැන තැකීමක් නොකර ඔබේ ගමන ගියොත් කාටවත් ඔබේ ගමන නවත්තන එක ලේසිනෑ. ඉතින් මේ කතාවත් ඒ වගේ තමයි. ඔබේ ජීවිතයේ වටිනාකම ගැන ලස්සනට කියවෙන.හැම වේලාවේම තමන් වටින කෙනෙක් කියන එක ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න.කවුරු පොඩි කරලා කිලිටි කරලා පාගලා බිම දැම්මත් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න.තමන්ගේ වටිනාකම තෙරුම් ගන්න. මිනිස්සු ගොඩක් දේවල් කරයි උඹේ වටිනාකම නැති කරන්න හැබැයි මොන දේ කරත් ඔබේ වටිනාකම අඩු වෙන්නේ නෑ.ඔඹ වටින කෙනෙක්.ඔව් ඔයාගේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නෑ.දවසක ඔයා දිනනවාමයි. අගයක් දෙන්න ඔයාගේ වටිනාකමට.

එක්තරා ගුරුවරෙයෙක් තමන්ගේ මුදල් පසුම්බියෙන් රු 5000 නොට්ටුවක් ළමයින්ට දික් කරලා "පුතේ මේ කොලේ වටිනා කම කීයද කියලා අහනවා "
ළමයි එක හඩින් කියනවා රු 5000 සර් කියලා

මේ සර් ඒක උණ්ඩි කරලා ,ගුලි කරලා අහනවා " දැන් මේකේ වටිනාකම කියද කියලා"
ළමයි ආයෙත් එක හඩින් කියනවා රු 5000 සර් කියලා

සර් මේක බිම දාලා අහනවා දැන් මේකේ වටිනාකම කියද කියලා ළමයි ඒත් කියනවා රු 5000 සර් කියලා

බිම දාපු එක පාගලා , පොඩි කරලා ආහනවා දැන් මේකේ වටිනාකම කියද පුතේ කියලා ආයේ ළමයි කියනවා අයියෝ සර් මේක රු 5000 කියලා.

ටික වෙලාවක් ගිහින් ඒ සර් ඒ 5000 ඇහිදලා දිග ඇරලා කියනවා පිහදාලා ගනන්වා,

සර් මෙන්න මෙහෙම කියනවා දරුවනේ අපේ මේ ජීවිතත් මේ 5000 වගේ, මිනිස්සු පොඩි කරයි කිළිටි කරලා දයී, පාගයි, ජරා කරයි,
හැබැයි මේ 5000 නෝට්ටුව වගේ අපේ වටිනාකමේ කිසිම අඩුවක් නම් කවදාක වෙන්නේ නෑ.

ඒ නිසා මතක තියා ගන්න ඔයා ,මම, අපි හැමෝම වටිනාකමක් තියන මිනිස්සු, අන්න ඒ වටිනාකම තේරුම් ගන්න,ආදරය කරන්න

ජීවිතේ කවමදාවත් තමන් තමන්වම අවතක්සේරු කර ගන්න එපා. ✋


Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

ඒක නම් ඇත්ත කවදාවත් තමන් තමන්ගේ ජිවිතේ ගැන අවතක්සේරුවට හිතන්න හොද නෑ. හැමදේම හොදින් වෙනවා කියලා හිතාගෙන හිත හයිය කරන් වැඩ කරන්න ඕන. එතකොට කාලයත් සමග ජිවිතේ නියම වටිනාකම අපිට නිකම්ම උදාවෙනවා ❤️

ඔව් ඒක ඇත්ත❤️