ජංගම දුරකථනය ජීවිතය වෙලාද???

in hive-133716 •  4 months ago 

1000083025.jpg
source

ඉතින් අද ලියන්න යන්නේ වෙනස්ම මාතෘකාවක්, මේ මාතෘකාව තෝරගත්තෙත් අසලියා කරුණාරත්න කියන ලේඛිකාව විසින් ලියන ලද article එකක් කියෙව්වට පස්සේ.මම ඒකත් අන්තිමට දාලා නම් ඊට කලින් මගේ මතය සහ මගේ අදහස පොඩ්ඩක් කියලා ඉන්නම්.නූතන සමාජයත් එක්ක නූතන තාක්ෂණයත් එක්ක මිනිසුන්ට ජංගම දුරකථනයක් ඊට එහා ගිහිල්ලා smart phone එකක් නැතුව ඉන්න එකත් එතරම් පහසු නැහැ.හැබැයි බැරියි කියලත් නැහැ.නමුත් මගේ අදහසට අනුව මිනිසුන් තාක්ෂණයට හැඩගැහෙන්න ඕන, ඒ වගේම මිනිසුන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන.මිනිසුන් ඒ දේවල් ඉගෙනගන්න ඕන, හැබැයි ඒ දේවල් වලට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ.අපේ මිනිස්සුන්ගෙ තියෙන අඩුපාඩුවත් ඒකම තමයි.මේ කාලේ වෙනකොට තරුණ තරුණියන් වැඩිහිටියන් කියලා භේදයක් නැතුව සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීමට සෑහෙන ඇබ්බැහි වීමක් පෙන්නුම් කරනවා.ඒ නිසාම ගොඩක් දේවල් ඔවුන්ට ජීවිතයේ මගහැරෙනවා.ඒ සමහරක් දේවල් ආයිත් ඔවුන්ට නොලැබෙන දේවල්.ඉතින් මිනිස්සු හරි දේ හරි හැටියට භාවිතය ගැන අවබෝධයක් නැති වුණාම ගොඩක් දේවල් වලට හානි කර ගන්නවා.ඉදින් ජංගම දුරකතනයට හැබැයි වීමත් ඉන් ප්‍රධාන එකක්.හරි අපි article එක කියවලා ඉමු.


ගෙදර ආව වෙලේ ඉදන් ජංගම දුරකථනය එක්කම ඉන්නකොට..ඔබ ගෙදර එනකන් බලන් උන්නු ඔබේ ආදරණීයන් එක්ක කාලය ගෙවන්න බැරි වෙන එක සුලුවට ගන්න බෑ...

නිවාඩු දවසටත් ජංගම දුරකථනයෙම එල්ලිලා ඉන්නකොට ඔබටත් නොදැනීම ඔබ තමන්ගේ අයගෙන් ඈත් වෙලා දුරකථනයෙ වහලෙක් වෙලා...

දවසගානේ ගෙවෙන්නෙ අපේ ආදරණීයන් එක්ක ගෙවන්න තියෙන කාලය ...කොයිවෙලේ අපේ ජීවිතේ කෙලවර වෙයිද අපි දන්නේ නෑ..

දරුවොන්ගෙ හුරතල් බලන්න තියෙන කාලය ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවලා ...අන්තිමට දරුවෝ ලොකු වෙලා දන්නෙම නැතුව...අන්තිමට දරුවෝ වෙනුවෙන් මුදල් වැය කරාට,ඔබ ගැන ඔවුන්ගේ හිතේ ලොකු හැගීමක් නෑ...

රෑ නිදාගන්න ටිකටත් ජංගම දුරකථනයෙම එල්ලිලා ඉන්නකොට කොහොමද සැමියා බිරිඳ අතර සම්බන්ධතාවය ..ආදරය ..සෙනෙහස වැඩිවෙන්නේ...රැකෙන්නේ...

විඩාබර දවසක අවසානය දෙන්නට දෙන්නා ළන්වෙලා ආදරෙන් කතා බහ කරලා.. නින්දට යන එකට වඩා කොහොමද ඔබේ ස්මාර්ට් දුරකථනය වැදගත් වෙන්නේ...

අන්තිමට ඉන්නකන් වටිනාකමක් නොදී තමන්ගේ ආදරණීයන් මිය ගිය දිනක ඔවුන් හා ගෙවන්න තිබූ කාලය ගැන සිතමින් පසුතැවී කුමට.....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

නවීන තාක්ෂනය අපිව ආදරයනියන්ගෙන් ඈත් කරනවා, බැදීම් අඩු කරනවා, සධාචාරය බල්ලට යනවා.

ඒක ඇත්ත 😐😐