මළ ගෙයක්...

in hive-133716 •  29 days ago 

1000079174.jpg

ඉතින් මේ ළඟදි දැඩි වේදනාත්මක පුවතක් අසන්න ලැබුණා.ඒ උගුලකට හසුවුණු දිවියෙක්ගෙ වේදනාත්මක මරණයක් අත්විඳ ඇති ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල පළවුණු ඡායාරූපත් සම‍ගයි.ඉතින් මේක අද ඊයේ විතරක් වෙන දෙයක් නෙමෙයි.මේක කාලයක ඉඳන් වෙන දෙයක්.දඩයක්කරුවන්ගේ නොමනා උගුල් ඇටවීම් නිසා අහිංසක සත්තු විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් ඔවුන්ගේ ගොදුරු වෙලා ඉවරයි.ඒවගේම මේ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග ගැනත් සෑහීමකට පත් වෙන්න බෑ.කැලෑ බද ප්‍රදේශයන් එලි කරලා මිනිස් වාසස්ථාන ගොඩනගාගෙන වන අලින් ව්ගේම වන සතුන් ඒ ගෙවල් වලට එන එක ගැන වද වෙන එකේ තේරුමක් නැහැ.මොකද ඒ ඔවුන් ජීවත් වෙන තැන නිසා.මේ වනාන්තර එළි කරන විදිහට ගියොත් තව අවුරුදු විස්සක් තිහක් වෙනකොට අපේ රටත් කාන්තාරයක් බවට පත්වෙනවා වගේම අපේ රටට ආවේනික ව්නසතුන් වගේම අනෙක් සත්තුන්ටත් සිදු වෙන්නේ මේ වගේම වේදනාබර විදියට ජීවිතවලට සමුදෙන්න තමයි.ඉතින් මේ ගැන හරි ලස්සන කවි පන්තියක් ශෂික සදීප් මේ සිදුවීමත් සමඟම පළ කරලා තිබුණ ඔහුගේ මුහුණු පොතේ පිටුවේ.ඒකෙ මාතෘකාව මළගෙයක්.ඉතින් මාත් මේ article එකේ මාතෘකාව විදියට ඒකම තෝරගත්තා.


ජාමෙ දොලහට විතර මයෙ හිතේ හිටි හැටියෙ
හරි අමුතු හීනයකි ඊයෙ රෑ මං දැක්කේ
පිච්චිලා අළු වෙච්ච මහා වනයක් මැද්දෙ
කාගෙදෝ මළගෙයකි පපුව ටික ටික ගැස්සේ

මං යනෙන මඟ දිගේ ඉතුරු වුණු ගස් හොයලා
වඳුරො එහෙ මෙහෙ දුවයි සුදු පාට කොඩි බැඳලා
ගොඩ ගහපු ඌරො, මුව ගෝනු ටික වළ දමලා
මළ බෙරේ ගහනවා කොබෙයියෙක් දුර ඉඳලා

බිමට සමතලා කෙරු මහ බුරුත ගහක් යට
මිනී හතරක් තියන් කෙසෙල් කොළ ටිකක් උඩ
පෝලිමට ඇවිත් එහි ඉස්සරහ මිනිය ලඟ
හැපි හැපී අඬනවා සේරෝම සත්තු ටික

කැලේටම මහ රජා සිංහයත් ඇවිදින්
බලු කෙඳිරියක් වගේ හඬනවා හැපෙමින්
දළ ඇත්තු පෝලිමක් මැද ඈත කොණකින්
එකෙක් ඇත තනි දළෙන් ලේ හුගක් පෙරමින්

පිළිස්සුනු තටු වලට ප්ලාස්ටර් බඳිමින්
සමනලයො ඉගිලෙනවා පිච්ච මල් ඉහිමින්
සක්කරයා වඩින මඟ දිගට චෙක් කරමින්
කතරගම සමන්දෙවි බැහැලා ඇත අහසින්

""සියටැල්"" ය නම් දරන රතු ඉන්දියානුවෙක්
ස්තූති කතාවක් කලා හරි සංයමෙන්
ඒ ළඟම උන්නු අපෙ වන්නිලේ ඇත්තොගෙන්
ඇහුවා මං "මේ කවුද මැරුනේ" යැයි කලබලෙන්

කොල්ලො උඹ ඉන්නේ මේ 2050 වර්ෂයේ
හදන්නට අලුතෙන්ම පාර්ලිමේන්තු මන්දිරේ
සිරිලකට ඉතුරු වුණු එකම එක මහ කැලේ
ගිණි තියලා වනසලා බලාපන් හදිසියේ

හඬද්දී රුක් දෙයියො බිම වැටී දණ ගහලා
වැඩ හිඳලා උන්නු මහ බුරුත ගහටත් කෙළලා
වාවන්න බැරි තැනම පවුලෙ උන්ටත් දීලා
පොඩි එකෝ ඊයේ රෑ රුක් දෙයියො වහ කාලා



Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

"කොල්ලො උඹ ඉන්නේ මේ 2050 වර්ෂයේ
හදන්නට අලුතෙන්ම පාර්ලිමේන්තු මන්දිරේ
සිරිලකට ඉතුරු වුණු එකම එක මහ කැලේ
ගිණි තියලා වනසලා බලාපන් හදිසියේ