ඉතින් ඔයාලා හොය හොය හිටියේ දෝරෙ ගලන කුතුහලයන් බලන්නන පුළුවන් psycho, thriller , mystery catogory එකේ ෆිල්ම් එකක්ද?එහෙනම් මම අද ලියන්න යන්නේ ඔයාලට ගැලපෙනම ෆිල්ම් එක ගැන.ඉතින් 2014 නිකුත් වූ මේ ෆිල්ම් එකට Imdb 6.3ක අගයක් ලැබිල තියෙනව.ඉතින් මේ english ෆිල්ම් එකේ තියෙන්නේ අමුතුම විදියෙ කතාවක්.ඉතින් වෙනදා වගේම අදත් පොඩි අදහසක් ගමු ෆිල්ම් එක ගැන, ඒත් මට හොඳටම විශ්වාසයි,ඔයාලට කතාවේ අන්තිම වෙනකම් වෙන්නේ මොකද්ද කියලා නම් හිතා ගන්න වෙන්නේ නැහැ.
ක්‍රිස්ටින් කියන්නේ වයස අවුරුදු 40ක විවාහක ගැහැණු කෙනෙක්. නමුත් අවුරුදු හතරට කලින් සිදුවුණු දරුණු අනතුරක් නිසා ක්‍රිස්තියන්ට අමුතුම ආකාරයේ මානසික ආබාධයක් ඇතිවෙලා තමයි තියෙන්නේ.ක්‍රිස්තියන්ගේ මතකය තියෙන්නේ හරියටම පැය 24 ක් පමණයි,එයා නිදාගෙන ඇහැරුණාට පස්සේ කලින් උනේ මොකක්ද? ඊයෙ උනේ මොකක්ද කියලා හැම දෙයක්ම අමතකයි, ක්‍රිස්ටින්ගෙ හස්බන්ඩ්ගෙ නම තමයි බෙන්.බෙන් තමයි උදේ ක්‍රිස්ටීන් ඇහැරුනාම තමන් කවුද සහ හැම දෙයක්ම බෙන් විසින් ක්‍රිස්ටීන්ට මතක් කරලා දෙනවා.ඔයාට මානසික ආබාධයක් තියෙනවා හැම දෙයක් මතක තියෙන්නෙ පැයක් විසිහතරක් විතරයි වගේ දේවල්.ඉතින් බෙන් ඔය දේවල් මතක් කරලා වැඩට ගියාම ක්‍රිස්ටින්ට කෝල් එකක් එනවා ඩොක්ටර් නෑශ්ගෙන්.ලෑස් කියනවා මම ඔයාගේ මානසික වෛද්‍යවරයා ඔයා විසින් කරපු වීඩියෝ එකක් අල්මාරියෙ ලාච්චුවෙ ඇති කියල.ඉතින් ඒ වීඩියෝ එක ක්‍රිස්ටීන් අරන් බැලුවම ගොඩක් පුදුම වෙනවා.මොකක්ද මේ ක්‍රිස්ටීන් පුදුම වෙන තරමෙ වීඩියෝ එක.ඒ ගැන දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නමම වෙනවා.