Delete

in hive-133716 •  9 hours ago 

1000161116.jpg
source

ඉතින් ඔයාලත් TV series බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් අද අරගෙන ඔයාලට ගැලපෙනම විදියෙ පිස්සු හැදෙන කතාවක් තියෙන Thai mini series එකක්.Epsiode 8 ක් විතරක් තියෙන 2021 නිකුත් වුනු මේ සීරිස් එකට Imdb 6.3ක අගයක් ලැබිල තියෙනව.ඉතින් ගොඩක් වෙලාවට මම බලන්න කැමති කුතුහලය තියෙන වගේම ඊළඟට වෙන්නේ මොකක්ද අවසානයේ මොන වගේ වෙයිද කියලා කොහොමටත් හිතා ගන්න බැරි විදියෙ කතාා තමයි, ඉතින් මේකත් ඊට හොඳටම ගැලපෙනව.ඉතින් වෙනස්ම විදියේ තත්පරෙන් තත්පරයට කුතුගලය වැඩි කරන මේ Suspense thriller කතාව ගැන පොඩි අදහසක් කරගමු.

ඔන්න දවසක් තරුණ ගැහැනු ළමයෙක් බයෙන් අඩ අඩ එනවා සුපර් මාකට් එකකට.
ඉතින් මේ තරුණ ගැහැණු ළමයාගේ අතේ තියෙන්නේ අමුතුම විදියේ කැමරාවක්. එයා එහෙම ඇවිල්ලා එතන ඉන්න අහම්බෙන් හම්බ උන ගැහැණු කෙනෙක්ට එයාගේ අතේ තියෙන කැමරාව දීලා කියනවා එයාගේ ෆොටෝ එකක් ගන්න කියලා.මේ ගැහැනු කෙනාටත් මේ ගැන පොඩි කුතුහලයක් තිබුණත් ඉල්ලන්නෙ පොඩි උදව්වක් නිසා ඇය විසින් මේ තරුණ ගැහැනු ළමයගේ ෆොටෝ එකක් අරගන්නවා.නමුත් මෙතැනදී සිදු වෙන දේ නිසා මේ ගැහැණු කෙනාටත් ඇස් අදහගන්න බැරිවෙනවා.මොකද සුදු එළියක් එක්ක මේ හිටපු තරුණ ගැහැනු ළමයා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.මේ ගෑණු කෙනාටත් උනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ.ඉතින් ඔන්න ඔය විදිහ අමුතුම විදිහකට තමයි මේකේ කතාව ආරම්භ වෙන්නේ.ඔය මම කිව්වේ කතාවෙන් ඉතාම පොඩි කෑල්ලක් විතරයි.කතාව ගැන දැනගන්න නම් සීරිස් එක සම්පූර්ණයෙන් බලන්නම වෙනවා.ඇත්තටම මේක නම් ඔයාල බලන්න වටින කතාවක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟