ඉතින් ෆිල්ම් බලන්න කැමති ඔයාලා හැමෝටම අදත් අරගෙන ආවා පරණ වුණත් බලපු ලස්සනම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ටිකක් පරණ උනාට ෆිල්ම් එක පුරාවට ඇදීගෙන එන කතාව නම් කිසිම කම්මැලි කමක් නෑ ඒ වගේම කුතුහලය පිරුණු කතාවක්.මේක තමයි 2000 වසරේ නිකුත් වූ Frequency කියන ෆිල්ම් එක.මේ ෆිල්ම් එකට Imbd 7.4 ක ඉහළ අගයකුත් ලැබිලා තියෙනවා.එන්න එන්න කතාවේ කුතුහලය වැඩි කරන වෙනස්ම විධියේ කතාවක් තියෙන මේ Time travel movie එක ගැන ඉතින් වෙනද වගේම මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්.
ජෝන් කියන්නේ පොලිස් නිලධාරියෙක් ඒත් ජෝන්ට ඇතිවන ප්‍රශ්න නිසා දැනටමත් ජීවිතේ එපා වෙන තරමට ඇවිල්ල තමයි ඉන්නේ.මේ අතරෙදි ජෝන්ට හම්බෙනවා ගෙදර තියෙන පරණ රේඩියෝ එකක්.ඉතින් ජෝන් නිකමට මේක පරීක්ෂා කරලා බලනවා.මේ වෙනකොටත් වසර තිහකට කලින් වුනා වගේ කාලගුනික විපර්යාසයක් වෙලා තමයි තියෙන්නේ.ඉතින් හිටිහැටියේම මේ විකාශන යන්ත්‍රයෙන් කෙනෙකුගේ කටහඬක් ඇහෙන්න ගන්නවා.ඒක ඉතින් ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙවෙයි මොකද මේක වැඩ කරනවා වෙන්න පුළුවන්නෙ පරණ වුණාට.ඒත් ටිකක් වෙලා මෙහෙම කතා කර කර ඉද්දි ජෝන්ට තේරෙනවා මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි වසර තිහකට කලින් ගින්නක් නිසා මියගිය තමන්ගෙම තාත්තගෙ කටහඩ කියලා.ඉතින් කොහොම හරි මේ විකාශනය යන්ත්‍රය නිසා අතීතය වර්තමානයයි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ.මේක උනේ කොහොමද කියලා ජෝන්ටයි ජෝන්ගේ තාත්තටයි කිසිම අදහසක් නැහැ.ඉතින් ජෝන්ට ඕන මේක හරහා අතීතයේ වුන සිද්ධියක් වෙනස් කරන්න.මොකක්ද මේ සිද්ධිය ? ජෝන්ට ඒක කරන්න පුළුවන් වෙයිද?ඉතින් මේ ප්‍රශ්නත් එක්ක කුතුහලෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.