ඉතින් යාලුවනේ අද මම අරගෙන ආවේ මම වැඩිය ලොකු කැමැත්තක් නැති category එකක ෆිල්ම් එකක් ගැන.සාමාන්‍යයෙන් මම horror සහ physiological කාණ්ඩයෙ ෆිල්ම් වලට ලොකු කැමැත්තක් නැහැ.ඒ නිසාම ගොඩක් අඩුවෙන් තමයි ඒ විදියේ ෆිල්ම් මම බලලා තියෙන්නේ.ඒත් ඉතින් සැලකියයුතු ප්‍රමාණයක් ඒ වලත් මම බලලා තියෙනවා.කොහොම හරි අද අරගෙන ආවේ මම බලපු හොදම physiological thriller ෆිල්ම් එක ගැන.2017 නිකුත් වෙලා තියෙන මේ ෆිල්ම් එකට ගොඩක් හොඳ ratings ලැබිලා තියෙනවා.ගොඩක් අය මට කියලත් තියනවා මේක තමයි එයාලා බලලා තියෙන හොඳම physiological movie එක කියලා.ඒ නිසාම මේ ෆිල්ම් එකට imdb 7.8ක ඉහළ අගයකුත් ලැබිලා තියෙනවා.ඉතිං අපි වෙනදා වගේම මේ english movie ගැන පොඩි අදහසක් අරගමු.
ක්‍රිස් කියලා කළු ජාතික පිරිමි ළමයෙක් ඉන්නවා.ක්‍රීස්ගේ පෙම්වතියගේ නම තමයි රූබී. රූබි සුදු ජාතික ගැහැණු ළමයෙක්.ඉතින් රූබි ක්‍රිස්ව එක්කගෙන යනවා එයාලගේ ගෙදර එයාගේ අම්මටයි තාත්තටයි ක්‍රිස්ව අඳුන්නලා දෙන්න. ගෙදරට ගිය වහාම ක්‍රිස්ට අමුත්තක් දැනෙනවා ඒත් ඒ මොකද කියල ක්‍රිස්ට තේරෙන්නේනේ නැහැ.රූබිගේ අම්මා මනෝ ච්කිත්සකවරියක්.ක්‍රිෂ්ට තියෙනවා සිගරට් බොන පුරුද්දක්.රූබිගේ අම්මා කියනවා ඇයට ඔහුව මෝහනය කරලා ඒක නවත්තන්න පුළුවන් කියලා.ඉතින් ඒ අනුව ක්‍රිස්ගේ කැමැත්තත් අනුව ඒ වැඩේ කරනවා.ඇත්තටම ඒක හරි යනවා.නමුත් මේ මෝහනයෙන් පස්සේ ක්‍රිස්ට මහ භයානක සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා.ඉතින් මොකක්ද මේ භයානක සිදුවීම්? කොහොමද ක්‍රිස්ට ඒවට මුහුණ දෙන්න සිදු වෙන්නේ.ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.