Heena with Shashi

in hive-133716 •  6 months ago 

Screenshot_20240811_075446_edit_1373480882567941.jpg

අද ලියන්න යන්නෙ අන්තිම channel එක ගැන review එක.මේ channel එක බලන්න අරන් මම වැඩි කාලයක් වෙන්නෙ නෑ. යාලුවෙක් එවපු විඩියෝ එකකින් ශශික සදීප්ගෙ කවි වලට පිස්සු වැටුනු මම ඒ කවි හොය හොය කියවන්න රසවිදින්න පටන් ගත්තෙ ගොඩක් වෙලාවට ඒකෙ තියෙන සරල බස සහ ගොඩක් හදවතට දැනෙන නිසාම වෙන්න ඇති. ඒ කැමැත්ත නිසාම ශශික විසින් රචිත කුලුදුල් කවි පොත ගන්නත් මට ගොඩක් ඕන උනා. ඉතින් පලවෙනි වතාවට කවි පොතක් විදියට මම ගත්තෙත් "අම්මපයි මං කඩුව දුන්නා" කවි පොතයි. ඉතින් ඒ විදියට පටන්ගත්ත ශශික සදීප්ගෙ කවි වලට ආස වුනු කාලෙක තමයි මුහුනු පොතේ සහ youtube එකේ ඔහුගේ නාලිකා සහ පිටු ගැන දැනගන්න ලැබුනේ. ශශික ඔහු ලියපු කවි වලින් ගීතත් නිර්මානය කරනව කියල අහල තිබ්බට මට ඒව රසවිදින්න අවස්තාවක් ලැබුන්‍ර් නෑ.

Screenshot_20240811_075503_edit_1373464197187633.jpg

ඉතින් ආසාවට එහෙම අහන්න පටන්ගත්ත කවි ගීත වලට හැඩවුනු ආකාරය හරි ලස්සනට තියෙනව ඔහුගෙ youtube page එකේ.ඒ සින්දු අතර සංවේදී ගීත වැඩ්පුර අන්තරගත වෙනව වගේම සමාජ යතාර්තය ගැන් ලියවුනු ඒවත් ගොඩක් ඇතුලත් වෙනව.සමාජ යතාර්තතය ගැන පාපොච්චාරණය , කනත්තේ ඇබෑර්තුව , නුවර ගමන , ලොකු සර් කියන ගීත වලින් හරි ලස්සනට් පිලිබිඹු වෙනව.ඒ වගේම ආදරය ගැන , ආදරයේ වේදනාව ගැන සහ ගොඩක් පැතිකඩ වලින් ලියන්න වගේම ගායනා කරන්නත් ඒ ගාය්ක ගායිකාවන් දෙපල සම්ත් වෙලා තියෙනව.මේ ගීත අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ වුනෙ මැනික ගීතයයි. ඒක හරි ලස්සන තේරුමක් තියෙන ආදරණිය ගීතයක්. ඉතින් මේ ටික තමයි ප්‍රධානව මම රසව්දින youtube නාලිකා කිහිපය.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

@tipu curate

Holisss...

--
This is a manual curation from the @tipU Curation Project.