ඉතින් ඔයා මලයා නම් ෆිල්ම් වලට කැමති ඒවගේම අබිරහස් මිනීමරුම් ෆිල්ම් හොයන ජාතියේ ආසාවෙන් බලන කෙනෙක්ද? එහෙනම් අද අරගෙන ආවේ ඔයාටම ගැලපෙන ෆිල්ම් එකක්.මාත් පෞද්ගලිකව මලයාලම් ෆිල්ම් වලට ගොඩක් කැමතිය, ඒ වගේම කතාවෙ තේමාව, catagory සලකලා බලලා තමයි ෆිල්ම් එක තෝරගන්නේ. ඉතින් එහෙම අහම්බෙන් හම්බුන ෆිල්ම් එකක් තමයි ඉරට්ටා කියන්නේ.මේකනම් අමුතුම කතාවක් තියෙන සුපිරිම ගණයේ ෆිල්ම් එකක්.ෆිල්ම් එක බලපු කෙනාගේ ඔලුවට දවස් ගානක් යනකන් ලොකුම ලොකු ශොක් එකක් ඉතුරු කරන්න පුළුවන් විදියේ ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් ෆිල්ම් එක ගැනත් පොඩි අදහසක් අරගමු.
ෆිල්ම් එකේ කතාව මෙන්න මේ වගේ.නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නම පොලිස් නිලධාරීන්.නමුත් කවුරුහරි මෙතනින් එක පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියලා ඝාතනය කරනවා.ඊට පස්සේ පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කරනවා මේ කෙනාව මැරුවේ කවුද සහ ඒකට හේතුව හොයාගන්න.ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නෙ.ඉතින් කතාව ගැන ඔයිට වඩා කිව්වොත් ඒකෙ තියෙන රහ අඩු වෙන නිසාම මේ ඇති කියල හිතුව.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි , ෆිල්ම් එක බලන කෙනාට අවසානයට වචනයකට පෙරලගන්න බැරි විදිය ලොකුම ලොකු ෂොක් එකක් ඉතුරු කරන ෆිල්ම් එකක් මේක.සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම්වලට ඉහළ අගයක Imdb අගයන් හම්බවෙනවා අඩුයි, නමුත් මේ ෆිල්ම් එකට නම් 7.7 ක ඉහළ අගයක් මේ වෙනකොටත් ලැබිල තියෙනව.ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ නිවුන් සහෝදරයාගෙන් ඉතුරු වෙලා ඉන්න කෙනාට ඝාතනය කරපු කෙනා කවුද කියලා, ඒ මොකටද කියලා හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.