Kudi Yedamaithe

in hive-133716 •  6 days ago 

1000158421.jpg

source
අද අරගෙන ආවේ බලපු තෙලිගු web series වලින් හොඳමයි කියලා කිසිම සැකයකින් තොරව කියන්න පුළුවන් series එක ගැන.අවසානයට තියා ඊළඟට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි කුතුහලය දෝරෙ ගලන මේ 2021 ආපු web series එක episode 8 කින් සමන්විත වෙලා තියෙන අතර Imdb 8.2ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.ඉතිං ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේකේ තියෙන්නෙ මොන වගේ කතාවක්ද කියලා.මිනීමැරුම්, දාම ඝාතක, අද්භූත, අභිරහස් , කාල තරණ කියන කාණ්ඩ කිහිපයටම යටත් වෙන web series එකක් තමයි මේක.ඉතින් අපි වෙනද වගේම
කතාව ගැන පොඩි idea එකක් ගමු.

ආදි කියන්නේ කෑම ඩිලිවරි කරන සර්විස් එකක වැඩ කරන පිරිමි ළමයෙක්. ඉතින් ඔහුගේ shift ඉවර වෙන්න ළං වෙද්දි ඔහුට තිබුණා අන්තිම ඕඩර් එකත් flat එකක තියෙන ගෙදරකට බාරදීලා එන්න හදද්දිම ඔහු දකිනවා තරුණ ගෑණු ළමයෙක්ගේ මළ සිරුරක්.ඉතින් ඇය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද කියලා හොයන්න කලින් එතන ගොඩක් වෙලා හිටියොත් ඔහුව පොලීසියට අහුවෙන නිසා ආදී එතනින් ඉක්මනට පැනගන්නව.ඉතින් ආදී බයික් එකෙන් යද්දි පොලිස් ජිප් එකක හැප්පිලා මියයනව.මේක සිදු වෙන්නේ පෙබරවාරි 29 හරියටම මධ්‍යම රාත්‍රී 12ට.ඉතින් ඊට පස්සේ ආයිත් ආදි උදේ ඇහැරෙද්දී ඔහු ඉන්නේ පෙබරවාරි 29.ඉතින් දැන් ඔයාට තේරෙනවද ආදි ආයෙත් ගත කරන්නේ ඔහු ගත කරපු එක දවසක්ම තමයි.ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි ෆිල්ම් එකේ මුලටම වෙන්නේ.කතාව නම් පුදුම ලස්සනක් තියෙන්නේ.ඔයාලා හැමෝමත් කුතුහලය පිරුණු කතාවක් හොයනවා නම් මේක හොඳටම ගැලපෙනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!