Montage

in hive-133716 •  7 days ago 

1000155441.jpg
source

ඉතිං කාලෙකට පස්සේ වෙනස් අත්දැකීමකටත් එක්ක අද අරගෙන ආවා කොරියන් ෆිල්ම් එකක් ගැන ලියන්න. මම කොරියන් Tv series ගැන ලිව්වට මතක විදිහට නම් korean film ගැන නම් ලියල නැහැ.ඉතිං කොහොම හරි මටත් කාලෙකටට පස්සේ බලන්න හම්බුනා ලස්සන කතාවක් තියෙන අද්භූත අභිරහස් film එකක්.ගොඩක් වෙලාවට මමත් crime thriller catagory එකේ ෆිල්ම් වලට ආස නිසාම බලන්න ගත්ත මේ ෆිල්ම් එක සංවේදී අවසානයක් තියෙන ෆිල්ම් එකක්.Imdb 7.4 ක ඉතා ඉහල අගයක rating එකක් ගන්න සමත් වෙලා තියෙන මේ ෆිල්ම් එකේ නම තමයි Montage.හරි ඉතින් කලින් වගේම මේ ෆිල්ම් එක ගැනත් පොඩි සාරාංශයක් කරන්නම් ඔයාලටත් අදහසක් ගන්න.

ෆිල්ම් එක ආරම්භයේම මනුස්සයෙක් පොඩි ගෑණු ළමයෙක් පැහැරගෙන ඒ ළමයාගේ අම්මගෙන් ලොකු කප්පම් මුදලක් ඉල්ලනවාකොහොමහරි අම්මා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරලා කප්පම් මුදල දෙන අතරතුරේදී ළමයවත් බේරගෙන අපරාධකාරයවත් අල්ලගන්න තමයි සැලසුම් කරන්නේ. අවාසනාවට මේ සැලසුම ව්‍යාර්ථ වෙලා මේ දරුවාගේ ජීවිතයත් නැති වෙනවා ඒ වගේම අපරාධකාරයත් කප්පම් මුදල අරගෙන මෙතනින් පැන ගන්නවා.අපරාධකාරයා කවුද කියලවත් පොලිසියට කිසිම හෝඩුවාවක් හොයාගන්න හම්බවෙන්නේ නෑ.ඉතින් මේ සිද්ධිය වෙලා හරියටම අවුරුදු පහළොවකට පස්සේ මේ විදියකටම තවත් පොඩි ගැහැණු ළමයෙක් පැහැරගෙන එයාගේ තාත්තාගෙනුත් කප්පම් මුදලක් මේ විදියටම ඉල්ලනවා.ඉතින් පොලිසිය දෙවැනි සැසැලසුමකුත් ක්‍රියාත්මක කරනවා මේ අපරාධකාරයව අල්ගන්න.ඔන්න ඔය විදියට තමයි ෆිල්ම් එක ආරම්භ වෙන්නෙ. පටන්ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් අභිරහස් සිද්ධියකට අදාල ෆිල්ම් එකක් හොය හොය හිටපු ඔයාට බලන්න ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!