ඉතින් අද ලියන්න යන්නේ ටිකක් පරණ දවසක් ගැන.පරණ වුණාට මේ දවස මට ගොඩක් විශේෂයි.ඒකට හේතුව මම ගොඩක් කාලයක් තිස්සේ කැමැත්තෙන් හිටපු , මග බලාගෙන හිටපු දේවල් දෙකක් විස්තර කරන්න පුළුවන් වුණු දවසක් තමයි මේ.ඒ හින්දම මේ දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ.හරි අපි කතාවට යමුකෝ.මට ගොඩක් කල් ඉඳන් තිබුණු ආසාවක් තමයි ක්‍රිකට් මැච් එකක්, පිට්ටනියකට ගිහිල්ලා ඔවුන් ක්‍රීඩා කරන ආකාරයේ සියැසින් බලාගැනීම.මහා ලොකුවට ක්‍රිකට් එක දැනුමක් නැති උනත් ඒ ආසාව ගොඩක් කල් ඉඳන් මගේ හිතේ තිබුණා.මොකද අයියත් මට කියලා තිබ්බ ටීවී එකෙන් පේන තරම් ඇත්තට බලද්දි සෙල්ලම් කරන එක ලේසි නැති හොඳටම තේරෙනවා කියලා.ඒ හින්දම තමයි මටත් ඒක බලාගන්න ඕන වුණේ.කොහොමහරි මම ගාලුකොටුවෙ රවුමක් ගහන්න ගිය දවසක මගේ වාසනාවටනේ එදා ශ්‍රී ලංකාවට නවසීලන්තයත් අතර තරඟයේ යෙදිලා තිබුණ.ඉතින් මම යනකොට තුන්වෙනි දවස තමයි තරඟයේ ක්‍රියාත්මක වෙමින් තිබුණේ,මගේ වාසනාව කොච්චරද කියනවනම් මම ඇතුලට යද්දිම මැච් එක දිවා ආහාරයට නැවැත්තුවා.ඉතින් මේ ලැබුණ අවස්ථාව මගහැරගන්න බැරි නිසාම ටිකක් වෙලා මැච් එක බලලා යන්නම මට ඕන වුණා.
ඒ විදියට නැවත ආරම්භ වුනු තරඟයේ පන්දු වාර විස්සකට ආසන්න සංඛ්‍යාවක් නරඹන්න මට පුළුවන් වුණා.ඇත්තටම එදා තමයි මට හොඳටම තේරුනේ ක්‍රිකට් සෙල්ලම් කරන එකත් හිතන තරම් ලේසි නැහැ කියලා.මොකද ඒ වෙලාවේ තිබුනේ දරාගන්න බැරි තරම් පුදුම රස්නයක්.ක්‍රීඩකයන්ටත් ඒක තදින්ම දැනෙමින් තමයි තිබුණේ.කොහොම හරි අව්වේ ඉඳලා ඉඳලා ආපු මගේ ඊළඟ ආශාව ඉෂ්ට කරගන්න ඒ වෙලාව හොඳටම ගැලපුනා.මොකද මට ඕන උනා ගාල්ලේ RIO එකෙන් Ice cream එකක් කන්න.ඉතින් ඒ විදිහට එක දවසෙම මගේ ආසාවල් දෙකම ඉෂ්ට කරගන්න මට අවස්ථාව ලැබුණේ හරිම අහම්බෙන්.ඒ නිසා මේ දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ.