ඉතිං යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මේ දිගටම Tamil, Hindi , Malayalam ෆිල්ම් ගැනම ලියපු නිසා , මට අද හිතුනා korean drama එකක් ගැන ලියන්න. Koream drama වල ලොකු රසිකයෙක් නොවුනත් සැලකිය යුතු ගණනක් ලස්සන korean drama කීපයක් බලන්න මට පුළුවන් උනා.ඉතිං ඒ අතරින් මම ආසාවෙන්ම බලපු ලස්සන කොරියන් drama එකක් ගැන තමයි අද ලියන්න යන්නේ. මේකෙ නම Reborn Rich.කතාවට imdb 8.1ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා.ඒකෙන්ම ඔයාලට අදහසක් ඇති කතාව මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා. මේ කතාවේ ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Song joong-Ki කියන ජනප්‍රිය න්ලුවා.ඉතින් වෙනද වගේම කතාව ගැන පොඩි සාරාංශයක් දෙන්නම්.
ඉතින් මේ කතාවෙ ප්‍රදාන චරිතය වන Hee jeong සේවකයෙක් විදියට Soonyang කියන කොරියාවේ තිබෙන ප්‍රධාන සහ ප්‍රභල සමාගමටයි. මේ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය හොබවන්නේ එකම පවුලේ සාමාජිකයින් විසින්. මොහු කොතරම් කැපවීමෙන් ආයතනය වෙනුවෙන් සේවය කලත් ,සමාගමෙ ප්‍රධානීන් හැමදාම කරන්නේ hee jeong පහත් කරලා වැඩ කරන එකයි, අපහාස කරන එකයි.ඉතින් කොහොම හරි මොහුට අවස්ථාවක් ලැබෙනවා ඔහුට කරපු අසාධාරණකම් වලට එරෙහිව පලිගන්න.ඉතින් මොහු එය කරන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහට.ඒ කොහොමද කියලා ඔයාලට ඩ්‍රාමා එක බැලුවොත් කුතුහලය එක දෙක වෙන ගමන් බලන්න පුලුවන්.
Is this a long series?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
No 16 episodes
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit