ඉතින් මේ දවස්වල මලයාලම් ෆිල්ම් වලට මූලික තැනක් දීලා තමයි ඉන්නේ.අදත් ලියන්න යන්නේ ළඟදිම released වුන මම කැමතිම විදියෙ මලයාලම් ෆිල්ම් එකක් ගැන.වසරේ නිකුත් වුන මලයාලම් ෆිල්ම් අතර සාර්ථකම ෆිල්ම් එක කියලා කියන්න පුළුවන් , මිනීමැරුම් අපරාධ ,අද්භූත ,අභිරහස් කියන කාණ්ඩ කිහිපයටම අදාල වෙන කුතුහලය පිරුණු ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් මේ ෆිල්ම් එකට දැනටමත් Imdb 8.2ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා.හරි ඉතින් තවදුරටත් ෆිල්ම් එකේ අගය කිරීමක් කරන්නේ නැතුව , ඒක ඔයාටම බාර කරලා ෆිල්ම් එක ගැන වෙනද වගේම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ.
ඔන්න දවසක් රාජෙන්ද්‍රන් කියල මනුස්සයෙක් කැලයක් ඇතුලෙ ගහක් ළඟට වෙලා සමාජ මාධ්‍ය ජාලා ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කරනවා.මීට වසර ගානට කලින් රාජෙන්ද්‍රන් තමන්ගේ යහළුවන් එක්ක එකතු වෙලා ඝාතනය කරපු තරුණ ගැහැනු ළමයෙක්ගේ මළ සිරුරක් මේ තැන වල දාලා තියෙනවා.මේ ගැන දන්නේ මොහු සහ මොහුගේ යාළුවන් පිරිස විතරයි.ඒත් ඒ අපරාධය කරපු දවසේ ඉඳන් රාජේන්ද්‍රන්ගෙ හිතට කිසිම නිදහසක් නැහැ ඒක නිසා තමයි මොහු මේ පාපොච්චාරණය සිදුකරන්නේ. ඉතින් ඒක අවසන් කරලා ඒ තරුණ ගැහැනු ළමයාගේ මල සිරුර ව්ලදාපු තැන ඉඳන්ම ඔහුගේ හිසට වෙඩි තියාගෙන රාජෙන්ද්‍රන් මිය යනවා.ඉතින් ම පරීක්ෂණය බාර වෙන්නෙත තරුණ විවේක් කියන දක්ෂ පොලිස් නිලධාරියාට.ඉතින් මොහු පරීක්ෂා කරලා බලනවා රාජෙන්ද්‍රන් කියපු විදිහට අර ගැහැණු ළමයගේ අස්ථි කොටස් මෙතන වල දාල තියෙනවද කියලා.ඉතිං කොච්චර හෑරුවත් කිසිදු සාක්ෂියක් හෝ හෝඩුවාවක් හම්බවෙන්නේ නැහැ.ඉතින් එහෙම හිතලා පොලිස් නිලධාරින් යන්න හදද්දිම ඔවුන්ට වැදගත් සාක්ෂියක් හම්බෙනවා.ඉතිං ඒ මොකක් වෙන්න පුළුවන්ද? මේ පොලිස් නිලධාරියට ඇත්තම සිද්ධිය හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.
Cured by @damithudaya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit