RIOT

in hive-133716 •  19 hours ago 

1000146842.jpg
source

ඉතින් යාළුවනේ අද ලියන්න යන්නෙත් හොලිවුඩ් ෆිල්ම් එකක් ගැන.Action, Thriller category එක යටතේ නිකුත් උන ෆිල්ම් එකක් තමයි මේක.මේ ෆිල්ම් එක 2012 තමයි නිකුත් වෙන්නේ ඒ වගේම මේකේ නම තමයි RIOT.ඊයෙ බලන්න හිතාගන්න බැරුව ෆිල්ම් එකක් හොය හොය ඉද්දි අහම්බෙන් හම්බුන එකක් තමයි මේක.Action ෆිල්ම් බලන්න ආස නිසාම දෙපාරක් හිතන්නේ නැතුව ඒ නිසා තෝරගත්තා.මේ ෆිල්ම් එකට imdb rating නම් ඉහළ අගයක නැහැ.මේ වන විට 5.6ක අගයක් තමයි මේ ෆිල්ම් එකට හම්බවෙලා තියෙන්නේ.නමුත් ආදායම් වාර්තා විඳ හෙලන්න පුළුවන් වුනු ෆිල්ම් එකක් තමයි මේක.ඒ නිසා රේටින් අඩු වුණා කියලා එහෙම අතාරින්න පුළුවන් විදියෙ ෆිල්ම් එකක් නෙවෙයි.හරි වෙනදා වගේම ෆිල්ම් එක ගැන පොඩි සාරාංශයක් දෙන්නම්.

කතාව ආරම්භයේදීම ඒක පොලිස් නිලධාරියෙක් හොරකමකට අහුවෙලා ලෝකයේ තියෙන දරුණු බන්ධනාගාරයකට ගෙන එනවා.ඒත් මේක අහම්බයක් නෙමේ පොලිස් නිලධාරියාගේ සැලසුමකට අනුව තමයි මේ බන්ධනාගාරයට එන්නේ.මොකද මේ බන්ධනාගාරයේ ඉන්නවා දරුණුම ගනයේ සිරකරුවෙක්.ටික කාලයකට කලින් ඔහු විසින් මේ පොලිස් නිලධාරියාගේ බිරිඳව ඝාතනය කරලා තියෙනවා.ඉතින් මේකේ පළිගැනීම වෙනුවෙන් තමයි පොලිස් නිලධාරියා මේ බන්ධනාගාරයට එන්නේ.බන්ධනාගාරයේ පාතාල කල්ලි වලට උදව් වෙන දූෂිත පොලිස් නිලධාරීන්ටත් එරෙහිව කටයුතු කරන ගමන් ඔහුගේ පළිගැනීම සාර්ථක කරගන්න පුළුවන් වේවිද? මේ ගැන කතාව තමයි ෆිල්ම් එක පුරාවට ඇදී යන්නේ.ඉතින් මේක හරි ලස්සන ෆිල්ම් එකක් ඔයාලා හැමෝටම රස විදින්න පුළුවන්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!