අද අරගෙන ආවේ කළු සුදු ෆිල්ම් එකක්.හරි හරි මට තේරෙනවා කළු සුදු ෆිල්ම් එකක් ගැන කිව්වම ඔයාලගේ ලොකු කැමැත්තක් නෑ කියලා.නමුත් මාව විශ්වාස කරන්න මේ ෆිල්ම් එකේ රස වින්දනයට කිසිදු දශමයක හෝ වෙනසක් හෝ හානියක් මේක කලු සුදු ෆිල්ම් එකක් කියලනම් සිදුවෙලා නෑ. 1993 වර්ෂයේ නිකුත් වුනු මේ ෆිල්ම් එකට IMDB 9ක අති දැවැන්ත අගයක් හිමි වෙලා තියෙනවා.ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක මොන වගේ තත්ත්වයක තියන එකක්ද කියලා.මමත් මේක යාළුවෙක්ගෙ බල කිරීම නිසාම බලපු ෆිල්ම් එකක්.නමුත් මම ඒ යාලුවට හැම වෙලාවෙම ස්තූති කරනවා මේ ෆිල්ම් එක ගැන කිව්වට.
ඔයාලා දන්නවා ඇතිනෙ නාසි කඳවුරු තුළ යුදෙව්වන් මිලියන හයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරලා තියෙනවා.ඉතින් කොයි තරම් විශාල ප්‍රමාණයක්ද ඒක.මේ නාසි හමුදාවෙන් එක යුදෙව්වක් හරි බේරගන්න අවස්ථාවක් ලැබුනොත්.හිතන්නත් බෑ නේද?කාටද ඒ වගේ දෙයක් කරන්න ධෛර්යයක් තියෙන්නේ.නමුත් විශ්වාස කරන්න මේ කතාවේ ප්‍රධානියා එවන් ධෛර්යයක් තිබුන පුද්ගලයෙක්.මොහු එක් යුදෙව්වෙක් නෙවෙයි යුදෙව්වන් දාහකට අධික සංඛ්‍යාවක් බේරගන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා.ඉතින් ඔයා මොකද හිතන්නේ මේ සැලසුම සාර්ථක වේවිද? මේ පුද්ගලයට යුදෙව්වන් ටික බේරගන්න ගිහින් ඔහුගේ ජීවිතයත් නැති වේවිද? ඒ ගැන දැනගන්නනම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.මාව විශ්වාසස කරන්න, ඔස්කාර් සම්මාන හතකිනුත් , ලොව හොඳම චිත්‍රපට වර්ගීකරණයේ අංක හත ස්ථානයේ දැනටමත් තියෙන මේ සුපිරි ෆිල්ම් එක නම් ඔයා බලන්නම ඕන එකක්.
It is not an easy watch because the storyline is very heartbreaking, but it's one of the unforgettable movies that I have ever watched.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes It is 🥺❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Cured by @damithudaya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit