The Killer

in hive-133716 •  12 days ago 

1000157884.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න ආවේ වෘත්තීය ඝාතකයෙක් ගැන.ඇත්තටම වෘත්තය ඝාතකයෙක් කියන්නේ කවුද? ඝාතකයෙක් කොහොමද තමන්ගේ රාජකාරිය හරියටම කරන්නෙ? ඉතින් මේ වගේ වෘත්තිය ඝාතකයෙක්ට තමන්ගේ ඉලක්කය දශම ගණනකින් වැරදුනොත් ඊළඟට මොකකින් මොකක් සිදු වේවිද?අන්න ඒ වගේ කතාවක් තමයි අද ලියන්න යන්නේ.2023 වර්ෂයේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක් තමයි The Killer කියන්නේ.Imdb 6.7 ක අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තිබුණත් මම පෞද්ගලිකව ඊට වඩා මේකට ලැබුණනම් හොඳයි කියලා හිතනවා.ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ඩේවිඩ් ෆිංචර් විසින්.කවුද මේ ඩේවිඩ් ෆින්චර් කියන්නේ, ඩේවිඩ් ෆින්චර් කියන්නෙ සෙවන්, සෝඩියක් සහ The social network කියන අති සාර්ථක නිර්මාණවල අධ්‍යක්ෂවරයයි.

ඒ වගේම තමයි මේ ෆිල්ම් එක ටිකක් විශේෂ ෆිල්ම් එකක්.වෘත්තීය ඝාතකයෙක් වැඩ කරන ආකාරය, ඔවුන්ගේ සැලසුමක් වැරදුනොත් මොකක්ද සිදුකරන්නේ, ඔවුන් පිළිපැදිය යුතු නීතිරීති , ඒ නීති රීති කඩ කළොත් මොන වගේ දේවල් සිදුවේවිද කියල තමයි ෆිල්ම් එක පුරාවට දිගහැරෙන්නේ.ඕනෑම රැකියාවක් සඳහා පවතින්නේ එයට සිදුකරන කැපකිරීම මත කියලා ෆිල්ම් එක පුරාවට අපට කියලා දෙනවා.Action, Crime, Adventure සහ Thriller කියන කාණ්ඩවලට යටත් වෙන මේ ෆිල්ම් එක වෙනමම vibe එකක ෆිල්ම් එකක්.හරි ඉතින් වෘත්තිය ඝාතකයෙක්ගෙන් Life style එක ගැන දැනගන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ ෆිල්ම් එක හොඳටම ගැලපෙනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!