සාම්ප්‍රදායික බිරිදක්ද , නිදහස් කාන්තාවක්ද???

in hive-133716 •  6 months ago 

Traditional-me.jpg
source

"කොණ්ඩේ පාට කරන්නද?"
මම එයාගෙන් ඇහුවා.
"එපා"
එයාගේ තනි උත්තරේ
මාව නිහඬ කරා...

"ටැටූවක්?"
ආයෙමත් දවසක මම ඇහැවිවා
මුකුත් නොකියාම
එයා මං දිහා බලන් රැවිවා
මගේ ආසාවන් එහෙමිමම මැරුණා ..

අපි කසාද බැන්ඳා
දරැවෝ ලැබුවා
ලොකු දූ ලැබෙනකොට
මම රස්සාව අත්හැරියා..
මගේ අමිමා ගෘහණියකී.
දූ ලියන රචනාවේ එහෙම ලියැවුණා..

එයාට රස්සාවේ වගකීම් වැඩි වුනා..
ගෙදර වගකීම් එක්ක මං
ගෙදරටම කොටු වුනා.
එයා ඉගෙනීමෙන් ඉහළටම ගියා
මම ආස උනත්
එයාට අත්වැලක් වෙන්න තීරණේ කරා..

බැලේ නර්තනය,බෝල්රෑමි,ආසම ගායනය
මගෙන් ඈතට ඉගිල්ලිලා ගියා.
මම කැමති දේවල් මටත් නොදැනිම
අමතක වෙලා තිබුනා..

ගරැ නම්බු නාම,හැමෝගෙන්ම පැසසුමි
එයා වටේ එක්රොක් වී තිබුනා...
මම පිටිපස්සට වෙලා
එයාට අත්පොළසන් දුන්නා..

ආදරණීය මවක්,
යහපත් බිරිඳක්
හැමෝටම ආදර්ශමත් ගැහැණියක්..
එයාගේ කටින් හැමතිස්සෙම කියවුණා..

"තමන්ගේ හීන කැප කරාම ආදර්ශමත්
වෙනවද?"

මගේ හිත මගෙන්ම ඇහැවිවා.

හොඳින්ද කියලා අහපු හැමවෙලේම
"ඔවි මම හොඳින්"...
අහන හැම වාරේම
මගේ කටින් පිටවුණා..
ඒත් ඒ හැම වාරේම
සිවිවන ශික්ෂාපදය මගේ අතින් කැඩුණා..

හැම සුරංගනා කතාවක් වගේ
අපි සතුටින් හිටියා...

සමාවෙන්න
මුද්‍රණ දෝෂයක්.

මම හැර අනිත් අය සතුටින් හිටියා..

මොකද
මට මාවම මඟහැරිලා තිබුනා..

ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් විදියකට article එක පටන් ගන්න හිතුනා.ඒ නිසාම පොඩි කතාවක් ඉස්සරහට දාලා මෙහෙම ලියන්න මම අදහස් කරා. ඉතින් මාතෘකාව බලපු ඔයාට ,කතාව බලපු ඔයාට අද ලියන්න යන්නේ මොකක් ගැනද කියලා පැහැදිලි අදහසක් ඇති.ඔව් අද ලියන්න යන්නේ සාම්ප්‍රදායික කාන්තාව ,තරුණිය සහ බිරිඳ ගැන.ලංකාවේ සම්ප්‍රදාය විසින් ගැහැණිය සීමා තහංචි දාලා කොටු කරලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි. මම කියන්නේ නැහැ ගැහැණියක් උනාම සම්ප්‍රදාය අතික්‍රමණය කරලා යන්න ඕනේ කියලා,ඒත් එහෙමයි කියලා ගැහැනියකගේ ආශාවන් ඕනවට වඩා සීමා කිරීමෙන් වෙන්නෙ ඔවුන්ට ජීවිතය ගැන කලකිරීමක් සහ පසුතැවීමක් විතරයි.ඉතින් මමනම් විශ්වාස කරනව පෞද්ගලිකව මේ ක්‍රමය වෙනස් විය යුත්තක් කියල. මිනිස්සු බලන විදිය පවා වෙනස් විය යුතුයි ....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

I also agree with you there as we should love ourselves first as much as we prioritize our responsibilities.

Yes of course

"සම්ප්‍රදාය අතික්‍රමණය හෝ වෙනස් කිරීම ගැන පල්ල ඔව්. ඇත්ත, දැන් දෙමා- මෑණිය රහස වළක්‍ර කළ ල. තුටි වෙනස් ද ඇඳ පැහය වෙන්න ඕනේ නෑ? මොකක් තරුණ ල. ද ම ඉ ඳ ප හ ය ව න ද . 🤩