මිරිඟුව ලුහුබැඳ

in hive-133716 •  4 years ago 

බත් හුලක් නොදක්නා
කුස් රවටමින් ප්ලේන්ටියෙන්
කෑ මොර දෙත් අත නාරිත්
සටන් පාවා නොදෙත්

නොතකා අඹු දරුන්
ගම රට ගැන සිතත්
දුගියන් නැති ලොවක්
බිහි වෙතියි සිහින දකිත්

නොවිඳ කිසිත් සැපක්
නොලැබ කිසිත් පලක්
ගැහුණු රිදුණු රන් හදවත්
මහමගම නිසල වෙත්

එක් රතු කමිසයක්
මිහිදන් කළ පසුත්
අළුත් කමිස රැසක්
යළිත් වීදි බසිත්

---- චාම් -----
photo-1575762673453-3c0ab513fba9.jpg
Source of image ; unsplash

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

You are a talented lady who can make a very meaningful poem.Happy about you.

This is the reality we are experiencing each and every day. Sometimes we say they are only the theory makers, with no ability to handle situations or take responsibility.

එක් රතු කමිසයක්
මිහිදන් කළ පසුත්
අළුත් කමිස රැසක්
යළිත් වීදි බසිත්

Yes, from generation to generation

එක් රතු කමිසයක්
මිහිදන් කළ පසුත්
අළුත් කමිස රැසක්
යළිත් වීදි බසිත්

සාර්ථක නිමාවක් 🔥 හැමදාම කියනවා වගේ මේකත් මරු....💪

You have such a lovely writing style and vision, I'll be pleased to hear your opinion on current socialism in the country :). Just a couple of sentences would do .

@supunchandra(60);මට ඒ ගැන පුළුල් අවබෝධයක් නැහැ.එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වගේ අයගෙ කාලෙ තිබූ සමාජවාදයෙ නශ්ඨාවශේෂ පමණයි අද දකින්න තියෙන්නෙ කියන හැඟීමයි තියෙන්නෙ. පොදුවේ අද දකින බොහෝ දේ කලකිරෙන සුළුයි.

නොවිඳ කිසිත් සැපක්
නොලැබ කිසිත් පලක්
ගැහුණු රිදුණු රන් හදවත්
මහමගම නිසල වෙත්

Pasu pela yana un...

@saman88(57): ඔව්, ඇත්තටම.බහුතරය අවංකවමයි පක්ෂ වෙනුවෙන් කැප වෙන්නෙ.ඇතැම් වාමවාදීන්ගෙ ගෙවල්වල ලෙනින්, කාල් මාස්ක්, ට්‍රොස්කිලගෙ පිංතූර බිත්තිවල ගහලා. සමහරු වි⁣ජේවීරගෙ පොටෝ..😥

Apith satankala.. Es idirpitima ewa paawa dena hetith dekka.... Kala kirimak thyenne....

@saman88(57): පොදුවේ බැළුවම ඇති වෙන්නෙ කලකිරීමක් තමයි.😥

මිරිඟුව ලුහුබැඳ සත්‍ය අවබෝද වේ. නමුත් මෙහිදී සිදුවන්නේ රැවටීමෙන් මුලා වීමයි!