කලක සිට පැතු සේම
හැඩ ය සුන්දර ය අද ඔබ
පබළු සීකුවින්ස් සියොලඟ දුලන
සුසුදු හංස මානවිකාවිය
සුරත රැඳි කුසුම් ගොණුවෙන්
ගිලිහී ලා රෝස කැකුළක්
පිපී වුවනත පැටලී
සාඩම්බර මන්දස්මිතයක
අද තුටින් වැළඳගන්නා කුලගෙය
හෙට තිළිණ කරනුයේ
කිමෙක් වෙ ද
නොනිමි සේදුම් පිසුම් ඇමදුම්
ඉවුම් පිහුම් කැවුම් පෙවුම්
රැකුම් බැලුම් සෙවුම් ඇඟෑලුම්.....
රිසි විටෙක රිසි සේ
නෙත් පියා ගනු නොහෙන
ලෙඩ දුකක දී ද නොමිදෙන
කුදු මහත් වතාවත්
එ'ගිලිහුණොත් මොහොතකට
නෙක දෙස් දෙවොල් අවලාද
වෑයමින් කැණ පස් පිඩැලි එකිනෙක
වළලනු වැන්න සියතින් නිදහස
ඉදින් ඔබ අද ලොව දිනී යැයි
අප සිතා ගත යුතු ද කුමරිය
--------- චාම් --------
@champikawije65 ලස්සනයි ✨️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තුතියි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit