මේ කවියටත් නිධාන කතාවක් තියෙනව.
මේ කතා නායකයා අපේ කාර්යාල සගයෙක්. දාර බයියෙක්. වලි කුක්කෙක්. ඒත් ඉරිසියා කුහකකම් නැති දිගු කාලයක සිට ඇසුරු කරන හිත හොඳ මිත්‍රයෙක්.
ජීවිතය ඔහුගෙ. සිදු වූ බොහෝ දේ අපි දන්නෙ පස්සෙ. ඔහු නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් කෙනෙක්. පුදුමෙ කියන්නෙ ඔහු සල්ලාල පෙනුමක්වත් හැසිරීමක්වත් නැති කෙනෙක්. වෙන පිරිමියෙක් නම් දෙවන තුන්වන කසාද නොබැඳ ඇසුරු කිරීමේ උත්සාහයක යෙදෙන්නත් තිබුනනෙ.මේ ඔහුගෙ දෙවන විවාහයට සම්බන්ධ කතාව.
ඒ කාලෙ අපි හිතවත් පවුල් දෙක තුනක් එකතු වෙලා ට්‍රිප් යනව. ඔහුගෙ පලමු බිරිඳ එක්කත් පසු කලෙක දෙවන බිරිඳ එක්කත් අපි එහෙම ගමන් ගිහින් තියෙනව. පලමු විවාහයෙන් වයස 24ක විතර ලොකු පුතෙක් ඉන්නව.දෙවන විවාහයේ මේ කවිය ලියවුණු කාලයේ වයස අවුරුද්දක් වුනු දූටත් දැන් වයස 4ක් හෝ 5ක් ඇති. තෙවන විවාහය නම් තවම තියෙනව. එයින් නම් තවම දරුවො නැහැ.
මේක ගෙතුණේ ඔහු වටා කියල මං නම් ඔහුට කියල නෑ. පොත කියවා තිබුණත් එහෙම ඔහුට හිතෙන්නත් නැතිවැති. කතා නායිකාව නම් දන්නව. මට දැන් ඇයව හමු වෙන්නෙ නැති තරම්. ඒත් දරුව අම්ම ලඟ තියල ඇය කොළඹ ගිහින් ඇගේ ඉගෙනීම් කටයුතු ආයෙම පටන් අරගෙන තිබුණා. ඒක නම් සතුටක්.
ඇයව බැඳල තියෙන්නෙ පලමු විවාහය ගැන නොකියා. පසුව ආරාවුල් ඇතිවෙන්න ඇති. දරුව ඉපදී වසරකට විතර පසු අම්ම රට ඉඳන් ස්ථිර පදිංචියට ලංකාවට ඇවිත් ඇය බලන්න ආවමයි ඇයට ඔහුගෙන් වෙන්වෙන තීරණය ගන්න ශක්තිය ලැබෙන්න ඇත්තෙ.
ඇත්ත කතාවෙදි යතුර දුන්නෙ පරීඩට නෙවෙයි මට. පොත මං ඇගේ ලිපිනයට තැපැල් කලා. කවිය කියවලා අම්මා ඇඬුව බව ඇය පසුව මට කිව්ව. යතුර ලැබුණු මොහොතෙ මාත් හිතෙන් ඇඬුව එකේ ඇගේ අම්මා නොඇඬුවා නම් තමයි පුදුම.
විශ්වාසය කඩ වුණාම එකට ජීවත් වෙන්න ලේසි නැති නිසා වෙන්වීම වැරදියි කියන්න බෑ. ඒ වගේමයි නොදරුවෙකුට තාත්තා නැතිවීමත්. මේ කාරණා දෙකම නිසා අර හුරතල් දරුවා දකිද්දි ඇත්තටම මං ගොළු වුණා.
පැයක් හමාරක් කම්පනයෙන් ඒ දෙන්නා කියූ දේ අහගෙන දරුවා දිහා බල බලා හිටියා මිස කියන්න කිසි දෙයක් මගෙ හිතට ආවෙ නෑ. අන්තිමට මං කිව්වෙ හදිසි තීරණයක් ගන්න එපා කියල විතරයි.🙄
ඔහු ගෙදර නැති වෙලාවකයි ඇය අම්මා එක්ක අපේ ගෙදර ආවෙ. යතුර දීලා ඒ ගියාට පසු ඇය යලි ආපසු ආවෙ නෑ.😪
දුර නොබලා රත්න ශ්‍රී සර්ට උපහාර පිණිස ගාල්ලෙ තිබුණු උත්සවයට සහභාගි වුනා.ඒක ලොකු උත්සවයක්. එහිදී තිලිණ ප්‍රදානයත් තිබුණා.
--- චාම් ----
Samajaye sulabawa dakinna lebena deyak....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සුලබද ? ස්තුතියි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ane manda....Dakinna nolebenawaama newei....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ චූටි බබා ගැන තමා දුක. දෙමව්පියන් වෙන් වෙලා හරි ප්‍රශ්න වලින් නිදහස් වුණත් අන්තිමට දුක් විඳින්නෙ දරැවන්. ☹️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ඔහොම ඉවර වෙන විවාහ කීයක් ඇත්ද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔච්චර දෙයක් කරන්න පුලුවන් මිනිහට නොතේරුනා කියන්න අමාරුයි. කොහොම නමුත් සුපිරි ඩයල් එකක්.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, වෙනස්ම මනුස්සයෙක්. 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්ත.. හැමදේකම දෙපැත්තක් තියෙනව. මෙතනදි වැඩිපුර අසරණ වෙන්නෙ දරුවො.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දෙමාපියන් නිසාම එයාලගෙ දරුවො අසරණ වෙන එක හරි පව්.😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වචන අතරේ සැඟවුණු සංවේදී කතාවක්. ජීවත් වෙන්න බැරි තැනක දුකින් ඉන්නවාට වඩා තමන්ගේ අම්මා ලග ඉන්න එක හොඳයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ ඔව්.අකමැත්තෙන් අමාරුවෙන් ඉන්නවට වඩා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ කාරණා දෙකම නිසා අර හුරතල් දරුවා දකිද්දි ඇත්තටම මං ගොළු වුණා.
- ඇත්තටම මෙහෙම දේවල් උනාම ඒ දරුවෝ පව්...Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ ඔව්. එයාට තාත්තාව දකින්නත් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයා ඒක ලස්සනට ලියලා. සමහර වෙලාවට දෙමවුපියන්ගේ තීරණවලින් පුංචි මල් කැකුළු තමයි දුක් විඳින්නේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, බබාලා පව්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කිසිම හේතුවක් හින්ද වත් තව කෙනෙක්ව රවට්ටන්න හොඳ නෑ. ඒකෙන් රැවටෙන කෙනාට වෙන හානිය කොයිතරම් ලොකුද කියලා කාටවත් කියන්න බෑ. කිසිම දෙයක් දන් නැති චූටි බබෙකුත් එතන ඉන්නවා.
පරීඩා යළි එයා ආවම
මේ යතුර දීපන්
ආයෙ එන් නෑ කියාපන්
ඒ වචන ටික හරිම ලස්සනයි. ලස්සන කවියක්.💛
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කියවීම සතුටක්. ස්තුතියි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ලස්සනයි . තදින්ම හිතට කා වැදුනා.
ඇත්තටම මට තියන පුදුමේ මනුස්සයෙක්ට කසාදම තුනක් කරගන්න තරම් මෝඩ වෙන්න පුලුවන්ද කියන එක..🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකයි ඇත්තටම පුදුමෙ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දරුවෝ තමයි දුක් විඳින්නේ මෙහෙම දේවල් වුණාම.
ඇත්තෙන් ජීවත් වෙන්න අපේ මිනිස්සුන්ට කියලා දෙන්න වෙලා අමුතුවෙන්....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මා නැති අතරෙ අඩු වයසෙ දැරියකට වරදින්න යන්නෙ ටික වෙලාවයි.