සරසා වත් සුණු තවරා නිම කළ
අවසන් යුවතිය ද
නික්මුණු පසු
පිවිසුම් දොරටුව වසමි
සැඩ හිරු කිරණට පිටුපා
ගිමන් නිවමින්
සුව පහසුව වැතිරෙමි
මා'තින් ඉබේ පෙරළෙන
ඔබේ මුහුණු පොත් පිටු පුරා
සිනා උතුරණ මුහුණු ය
එවා ඇත ඔබ
හෝරාවක් තුළ
එකම කෙටි පණිවිඩය
තෙවරක්
"ආදරෙයි අහස තරම්
මතක් නොවෙන වෙලාවක්
නැති තරම්"
මේ මොහොතේ
ඔබ කොහි වෙති ද
සේන් ගඟ අසබඩ
හුදකලා අසුනක
රළ රැළිති
නැඟෙනු බිඳෙනු දකිමින් ?
විසල් සාප්පු සංකීර්ණයක
දියණියන්ට
ඇඟළුම්, අත් පලඳනා
බිරිඳට විලවුන් තෝරමින් ?
අවන්හලෙක මුදු ලා රත් පැහැ
ආලෝක පුංජයන් යට
ඔවුන් හා
රාත්‍රී අහර ගනිමින් ?
අඩ අඳුරු සිහිල් ආගාරයක
සමීපතමයන් පිරිවරා තුටින්
ප්‍රියතම සිනමාවක
කිමිදෙමින් ?
---- චාම්----
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරිම ලස්සනයි 😊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanx dear.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You have been upvoted by @randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit