දසත එළි කරන් නුවර වැව මතින් ඉර එබේ
ජල තලා උදා රැස් කැළුම් අරන් දිලිහෙතේ
ඈත පව්වකින් අඹතලා වෙහෙරෙ රුව දිසේ
මෑත තුරු මතින් රාව දී සියොත් පියඹතේ
කුරුල්ලනි තොපත් අරුණළු ද රැගෙන ඉගිලිලා
අප සේම දිවි රැක ගන්නව ද වෙහෙසිලා
එන තුරා සිඟිති පැටවුනුත් ඇතී මුව අයා
අපෙ පැටව් සේම දොරකඩට වී මග බලා
අඳුර හෙමි හෙමින් ගණදුරක් වෙමින් පැතිරිලා
ඇසල සඳ දිලෙයි රන් සළුවකින් සැරසිලා
ලහිරු කැන් දහර තුරුළු කර සිම්බ ජල තලා
වෙලෙන'යුරු බලන් සඳ කැළුම් සමඟ මුහු වෙලා
---- චාම් -----
නුවර වැව, අනුරාධපුර
නුවර වැව් කණ්ඩිය මතින් දිවෙන ඇවිදින මංතීරුවේ සිට මිහින්තලේ අම්බස්තල චෛත්‍යය
මමත් අම්මෙක් නිසා ගොඩක් හිතට දැනුනා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@templeflower(59); උන් පැටවුන්ට කවන්නෙත් අපි වගෙමයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගමක සුන්දරත්වය එක්ක මේ වගේ තැනක ඉන්න ලැබීම වාසනාවක්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@ruwankumara(60);ඇත්තෙන්ම හිත නිවෙන දසුන්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit