පහන් කණුව මුල අඳුරුයි (It is dark at the foot of lamp posts)/5% SL Charity

in hive-133716 •  3 years ago  (edited)

රත්න ශ්‍රී විජේසිංහයන් කියා තියෙනවා කවි වන්නේ කවියාගේ පපුවේ ඇනී රිදවන තියුණු කටු කියා. මේ කියන්න යන්නෙත් එහෙම රිදුණු කටුවක් ගැන.

සමහර කවිවලට පාදක වන්නේ තනිකරම අමු අත්දැකීම්.මේකත් එහෙම එකක්.

ඔන්න එක දවසක් අපි ටිකක් රෑ වෙලා (හතට විතර) ඇවිදින්න ගියා, අනුරාධපුර නුවර වැව් කණ්ඩිය මත ඉදිවුණු සුපුරුදු ඇවිදින මං තීරුවට.

මං තීරුව මීටර් 850ක් දිගයි. දෙපස දිගටම සූර්ය තාපයෙන් දැල්වෙන අලංකාර වීදි පහන් කණු. මෙහෙම යද්දි එක පහන් කණුවක් යට නුපුරුදු දසුනක් දැක වේගය අඩු වී මාව ඉබේම නැවතුණා.

පහන් කණු අවට පරිසරය ආලෝකමත් කලත් ඒ යට අඳුරුයි.නන්දා මාලනීගෙ සිංදුවකුත් තියෙනවා නේද "පහන් කණුව මුල අඳුරුයි" කියලා ?

කණුව පාමුල වාඩි වී පොතක් කියවන පොඩි දරුවෙක්.වයස අවුරුදු 8-12 අතර ඇති. සාමාන්‍යයෙන් ඒ වගේ ජලාශයක් අද්දර රෑට එක තැනක වාඩිවෙලා එක විදියට ඉන්න බෑ, මදුරුවෝ පිරිලා.ඒත් මේ දරුවාට ඒ වගක් දැනෙන්නෙ නෑ වගේ.

මට හදිසියේ මතක් වුණා ඒ ඉස්කෝලෙ විභාග කාලෙ බව.එතකොට දැණුනු හැඟීමයි පසුව මෙහෙම ලියවුණේ.

මට ඒ වෙලාවෙ ඒ දරුවා වෙනුවෙන් මොනවා හරි කළ යුතුයි කියා හිතුණත් එයාට බාධා කළ යුතු නෑ කියලයි හිතුණ.මං ගිහින් කතා කළොත් එයාගෙ හිත අවුල් වෙයි, එයා අපහසුතාවට පත් වෙයි කියලත් හිතුණා.

තදින් පොතට ඇලී හිටි පොඩ්ඩා මාව දැක්කෙ නෑ. පස්සෙ එයා එක්ක කතා කරල විස්තර අහල උදව්වක් කරන්න ඕනෙ කියල හිතාගෙන මං ගියා.

දවස් ගාණක් එතැනින් යන කොට විප⁣රමෙන් බැලුවත් ආයෙම එයාව දකින්න ලැබුණෙ නෑ. එතකොට නම් හිතුණා අපරාදෙ එවෙලෙ කතා නොකළෙ කියල.

ඒක අමතක නොවෙන දර්ශනයක්. මේක ම⁣ගෙ කවි පො⁣තටත් ඇතුලත් කවියක්.
IMG_20210725_184830.jpg

IMG_20210817_002622.jpg
--- චාම්---

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

යශෝධරා දේවිය ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්නෙ තමන්ට ළඟම තමන්ගෙ ස්වාමියා වෙනුවෙන්.. ඒත් ඔබ.. කාගේ කවුදැයි නොහඳුනන දරුවෙක් වෙනුවෙන්. කවියො කොයිතරම් මනුෂ්‍ය හිතවාදී ද...

@anupama(54): ස්තුතියි ඔයාට.😍

ගොඩක් වෙලාවට ලියන අය අරගෙන තියෙන්නෙ එයාලගෙ අත්දැකීම් කියලා මම දැකලා තියෙනවා. ලස්සන කවියක් වගේම ප්‍රාර්ථනාවක්. කවුරු වුණත් එයා එයාට යන්න පුලුවන් උපරිම දුරකට යන්න පුලුවන් වෙන් ඕනෙ!!❤️

@prasadi(64); ස්තුතියි ඔයාට.😍

E daruwawa aye kawada hari hamba wenna kiyala prarthana karanawa🥺

Math essara samahara theerana kal damma. Eth passe duk wenawata wada ewelema karala dana eka hithata hoday.

@imanthadd(62): අනිවා, විශේෂයෙන් මේ වගේ කාලෙක. ඒ මොහොත ආයෙ නොඑන්න පුළුවන්.

Api apata nethi samahara dewal gena pasu thewenawa.... Eth mewa dekkam....thiyena dewal hondatama ethi kiyala hithenawa....

@saman88(58): ඔව්, ඇත්තටම. ඉන්න ටිකට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මහා ලොකු දේවල් ඕනෙ නෑ. වත්කම් රකින්න නඩත්තු කරන්න වෙන එක අමතර කරදරයක්.

ගොඩක් වෙලාවට කවියො කවි ලියන්නේ තමන්ගේ අත්දැකීම් පාදක කරගෙන . අපි නොදැකපු අපි නොහිතන සිද්ධීන් හරිම සංවේදි විදියට ඔවුන් වචන වලට පෙරලලා තියෙනවා. මේකත් ඒ වගේ. කියවනකොට ඇස්වලට කඳුළු ආවා ❤️

@roshipeiris(63):
ස්තුතියි ඔයාට.😍

hamadamath wage harima lassnata liyal thiyenawa.

@janakee(59); ස්තුතියි ඔයාට.

HArima lassana kaviyak.. e wagema sanwedi kathawak.

@rasinkani(65);
ස්තුතියි.😍