දුර ඈත ආලෝක පුංජයකි/5% S.L. Charity

in hive-133716 •  3 years ago  (edited)

වැළඳ
දොඩම් ගොඩම
ඔලොගුවක ලා
මිරිකෙමින එ'බරින
එකිනෙකා පරයනු වස්
උනුන් පාගමින් තෙරපෙමින්
ගව පොරයක හෙම්බත් වන
කුදු මිනිස,

නැවතී
එක් ඇසිල්ලකට
බිම තබා
බරැති ඔලොගුව
විඩා නිවා හැරී බලව
තොප මෙතෙක්
පා තැබූ මං පෙත

විඳී ද ?
දිනී ද ?
පෙනේ ද ?
දසත ගණඳුරම හැර
අන් කිසිත්

බලව,
අර දුර ඈත
ආලෝක පුංජයකි දුලන

පලමුව පියවරක්
දෙවනුව පියවර කිහිපයක්
සෑහේය
නොනවතින
දිරිය මගියෙකුට

ළං විය හැකිය
මතු යම් දිනෙක
එ'ආලෝකවත් ඉම් පෙදෙසට

එවිට අත් විඳිය හැකිය
ආලෝකයේ ආලෝලනය
අත් හැරීමේ සන්තුෂ්ඨිය
සැහැල්ලුවේ ප්‍රහර්ශය
අන් කිසිවකට සම නොකළැකි
උත්කර්ශයට පත්
ශුන්‍යතාව

---- චාම්----
image.png
Source of image ; unspash.com

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

එවිට අත් විඳිය හැකිය
ආලෝකයේ ආලෝලනය
අත් හැරීමේ සන්තුෂ්ඨිය
සැහැල්ලුවේ ප්‍රහර්ශය
අන් කිසිවකට සම නොකළැකි
උත්කර්ශයට පත්
ශුන්‍යතාව

A poem that leaves something to think about. Beautiful! 🤗

nice poem dr

@ janakee(57):
Sorry I am late to reply.It is a pleasure to read & think a moment to a depth by viewers.

Beautiful as always.

@rasinkani(64):
Sorry, I'm late to reply.It is a pleasure to share my feelings with the others. Thanks for enjoying.