වැස්ස කියන්නෙ අපි ජීවත් වෙන නියඟෙන් පීඩා විඳින වියලි කලාපයට අත්‍යවශ්‍ය දෙයක්. මෙහෙට වහින්නෙ අවුරුද්දටම තුන් මාසයක් වගේ. නියං කාලයට ගොවියන්, අපි, මාළු, සත්තු, ගහ කොළ ඇතුළු හැමෝම වගේ වැහි වැටෙන තුරු බලා ඉන්නවා.
ඉස්සෙල්ලම හවසට හවසට හරියට වැඩ ඇරිල යන වෙලාවට පැයකට විතර ගෙදර යන්න බැරි වෙන්න වහිනවා. ඔහොම සතියක් දෙකක් වැහැල උදේ ඉඳන් වහින්න ගන්නවා උදේට නැගිටින්නත් කම්මැලි හිතෙන විදියට. වැස්ස පටන් අරන් ටික දවසකින් එපා වෙන්න වහිනවා.වස්සාන කාලයට මේ අනුරාධපුර ද නුවර එළියද කියල හිතාගන්න බැරි තරම්.
වැස්ස වෙනස්ම විදියකට අත් විඳින්න මට ලැබුණු අවස්ථාවක් ගැනයි මේ ලියන්නෙ. මේක වුණේ 9දා.ගිය අඟහරුවාදා.
පූජා නගරයෙ මං වැඩ කරන එක වැඩබිමක් තියෙන්නෙ පණ්ඩුලගම ගම්මානයේ. මෙතන ජල කුළුණක්, පොම්පාගාරයක් සහ ජල ගබඩා ටැංකියක් ඉදිකිරීමට නියමිතයි.මේ තුනටම පස් කැපීම් කරල තිබුනෙ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි පවරා ගත්ත නිතර වල් අලි ගැවසෙන කැලෑ ඉඩමක්.
ගොඩ ගහන පස්වලින් කොටසක් අපේම වෙනත් ඉඩමකට අදින්න භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවසර ගත්තා අමාරුවෙන්. කොළඹට යවල අවසර ගන්න ටිකක් කල් ගියා. මේ සිදුවීම වෙනකොට අපේ කොන්ත්රාත්කරුගෙ පස් කපන මැෂිමත් කැඩිල.
එදා උදේ මගේ බොස් කිව්ව සයිට් එක යටවෙලා කියල.ඉතින් අපි වහාම ගියා. මෙතනට උඩහින් පේන දුරින් තියෙන වැව උතුරල රෑ තිස්සෙ පාර දිගේ වතුර ගලල ගෙවල් ගාණක් යටවෙලා.
ගමේ මිනිස්සු රැස්වෙලා. එක ගැහැණු කෙනෙක් අඬ අඩා කෑ ගහල කිව්ව 'අනේ මොනව හරි කරන්න' කියල.😪(අපේ ගේ යට වුණා නම් අපට දැනෙන වේදනාවත් ඒකමයි.) මිනිස්සු පොලිසි යන්න, මීඩියා එන්න කලින් ඒ සමාජ ගැටළුව යාන්තමට බේරා ගන්න හැකි වුණා.
වෙනදට අපේ වැඩබිම මතුපිටින් වැවේ යටිවානෙන් එන වතුර ගලා බැස්සළු. පස් ගොඩවල් නිසා බ්ලොක් වෙලාළු.
වැව වාන් දාල වතුර ගලා යන්නෙ මෙහෙන් කියල අපි දැනගෙන හිටියෙත් නෑ.වැඩබිම දැනටත් තනිකරම ජලාශයක්. මේ වස්සාන කාලෙ වැඩ කරන්න හිතන්නවත් බෑ.😪
මෙතැන ඉදිකිරීම් සඳහා තෝර ගත්ත අපේ සැලසුම් හා ක්‍රම සම්පාදන අංශයේ අයත් වැව ගැන සොයා බලල නෑ වගේ.🙄 වැව වාර්ෂිකව වාන් දැමීම (මිටි තැනින් වතුර බැසීම) වලක්වන්න පුළුවන් දේකුත් නෙමෙයි. දැනටත් අපි කැපුව කාණුව නොනවත්වා වතුර බහින විශාල ඇලක් වෙලා. ඊට අමතරව තේක්ක කැලෙන් විශාල වතුර පාරක් වැඩබිමට නොකඩවා ගලනවා.
කොන්ත්‍රාත්කරුට බැකෝ එකක් ගෙන්වා ගන්නත් ටිකක් වෙලා ගියා. ඒ අතරතුර අපේ බැකෝ එකක් මාත් ගෙන්න ගත්තා. ඒ දෙක දෙපැත්තෙන් දාල අඩි දෙකක් විතර පලල දිග කාණුවක් වැඩබිම දිගේ කපල යන්තම් වතුර පාර ඈත තියෙන ගමේ බෝක්කුවකට හරවා ගත්ත. ඒ ටික කරගන්න පැය දෙක තුනක් ගියා. ඒ මෙහෙයුමේ පිංතූරයකුයි ඔබ පහතින් දකින්නෙ.
අර ගැහැණු කෙනා ඇතුළු අය අපට ස්තුති කලා.ඒත් ඉතින් අපි ඒ දැම්මෙත් පැලැස්තරයක් විතරයි.🙄
මේක ඉතින් වැස්ස ගැන මට තියෙන අමතක කරන්න අමාරුම අත්දැකීම.
හපොයි😥😥 වැස්ස ඔනි ඒත් දැන් නං ඇති...🤕🤕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, අහස දන්නෙ නෑ බැලන්ස් කරන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ දවස් වල වැස්ස නිසා මාර මාර දේවල් තමයි වෙන්නේ.... 😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, මිනිස්සු නොසිතූ ලෙස අසරණ වෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මෝ ඒක නම් වෙනස්ම අද්දැකීමක්.. ඒක මීඩියා වලට යන්නෙ නැතුව බේරුණ එක ලොකු දෙයක්.. ඇත්තටම මම මේ විදියෙ අත්දැකීම් කියවල ලොකු සතුටක් ලබනව
Entry 5
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, පේන තෙක් මානෙක ඒකට විසඳුමක් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක නම් ඇත්ත. හොදට හොයල විසදුමක් හදාගන්නකම් කාලෙන් කාලෙට මෙහෙම වෙනව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
it's a different experience, you master the machine, the disaster is a little less with that thing.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes, a different experience.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dan nam wassa athi wage,
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හුඟ දෙනෙකුට එහෙම හිතෙනවැති.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ මහා වැසි එක්ක ඉදිකිරීම් කටයුතු වැඩක් කරනෝ කියන්නේ ඉතින්.. කරන්න බැරි වැඩක් වගේ ම තමයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ලේසි නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eth e welawe hatiyata e ayata ekath loku deyak!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ඒක ඇත්ත.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ කොච්චර අසරණද ඉතින්. පුලුවන් තරම් ප්‍රශ්න වලින් බැට කන ගමන් වැස්සෙනුත් එයාලා හොඳටම අසරණ වෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මිනිස්සුන්ට තියෙන දුක් කරදර අසීමිතයි.😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ane😪😪😪😔

wada bima yata wenawa wagema gewal yata wenawa kiyana dekama prashna itin. me welawe me widiyata wisadaganna labuna eka hodai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ඔයින් බේරුණු එක ලොකු දෙයක්.