පහුගිය දවස්වල අපේ ගෙදර අයගෙ එදිනෙදා ජීවිතේ කණ පිට හැරවෙන සිදුවීමක් වුනා.ඒක වුනේ නම් පොඩි බලු රාල කෙනෙක් හින්දා.මෙහෙමයි වුනේ.
හිටපු ගමන් අපටත් ඉතින් එක එක විකාර දේවල් හිතෙනවනෙ.පහුගිය අගෝස්තු 20 වෙනි දා මොකද්දෝ කරුමෙකට මට හිතුණා ගෙදර දැනට ඉන්න බලු පැටියාට අමතරව තව එකෙක් හිටිය නම් කියල.එකටම නාවන්න කවන්න පුළුවන්නෙ කියල.
එදා සෙනසුරාදා නිසා ගෙදර ඉන්න දවසක්.ඉතින් හස්බන්ඩ්ට කරදර කරල
" හිතට ඇල්ලුවොත් තව එකෙක් ගමු " කියල ගෙදර ඉන්න එකාවත් උස්සගෙනම අපි ගියා එයාව ගත්ත තැනට.
ඒ ගෙදර ඉන්න බල්ලො ගාන නම් දන්නෙ නෑ. නානාප්‍රකාර ගෝත්‍රවලට අයිති බලු ජන ගහණයක්. පොමනේරියන්, ටෙරියර්, ඩැෂන්ඩ්,ඩොබර්මන් ...
අපි එයාලව බලන්න එයාලගෙ කූඩු කිට්ටුවට ගියාම එකම ගෝසාවයි. බුරනවා,බුරනවා,බුරනවා...ඉවරයක් නෑ. ඒ ගෙදර අය කොහොම ඉන්නව ද මන්ද.
සාමාන්‍යයෙන් හදන්න ගන්නෙ මාස එක හමාරක විතර පොඩි පැටවු. අපි යද්දි පොඩි පැටව් හිටියෙ නෑ. මාස 9 ක් වයස එකම දවසෙ ඉපදුන ඩැෂන්ඩ් සත්තු 6 දෙනෙක් හිටියා. අනෙක් ඔක්කොම ඊටත් වයස වැඩි පැටවි දැම්ම අම්මල සහ තාත්තලා.
අර හයෙන් පිරිමි සත්තු දෙන්නයි හිටියෙ. එක් කෙනෙක් කලු පාට අහිංසකයෙක්. අනෙකා දුඹුරු පාට හොම්බ කලු බොහොම සැර මදාවියෙක්. ඒත් ඉතින් අපට හිතට ඇල්ලුවෙ නොනවත්වාම බිරුව මදාවියාව.
අපේ කේසි වාහනේ පස්සට දාලා අර මදාවියාව උකුලෙ තියාගෙනයි මං ආවෙ. ඒ වෙලාවෙ නම් හොරැහින් මං දිහා බල බලා බොහොම සාන්ත දාන්ත පාටටයි හිටියෙ. මේ පහතින් තියෙන්නෙ අප සතු එයාගෙ එකම ඵෙතිහාසික පිංතූරෙ.😁
මං උත්සාහ කලේ කාමරේකට දාල අළුත් බබාව වහල තියන්නයි. දෙන්න එකට එකතු වෙලා ඉන්නව නම් හොදය් කියල හිතුවත් ඒක වුනේ නැත්තෙ කේසි තිස්සෙම මා පස්සෙන් එන නිසා.
ඉතිරිය ආයෙම ලියන්නම්..
ඉතිරිය බලන්න ආශාවෙන් ඉන්නවා. මට හිතෙනවා දෙන්න රණ්ඩු කරපු නිසා ආපහු ගෙනිහින් දාන්න වෙන්න ඇති කියලා . බලමු මම හරිද කියල.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බලා ඉන්නකො.😍👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දෙන්න එකට දැම්මම මොනව වෙන්න ඇතිද.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දෙන්නම පිරිමි සත්තු. විශේෂෙන් මොකුත් වුනේ නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ane shok. ape gedarath dan dennek innwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බල්ලො කියන්නෙ හරි ලෙංගතු සත්තු.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
nice post
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit