තව දවසක්

in hive-133716 •  3 years ago 

ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි. සමහර අය කැමතියි ස්වභාවිකව හම්බුන ලස්සන තියාගන්න. සමහර අයනම් ස්වභාවිකව හමුවන ලස්සන වෙනස්කම් කරනවා. ඒ කිව්වේ කොණ්ඩෙ වෙනස් කරනවා හමේ පාට වෙනස් කරනවා මේ වගේ දේවල් . මම ඒ දෙකේම වැරැද්දක් දකින්නේ නෑ. තමන් ඉන්න විදිහ තියෙන කරන්න ඕනි තමන්මයි. ඒ විදිහට තමයි මම නම් හිතන්නේ. ඔයාලත් එහෙම හිතනවා ඇති.

අපේ ගෙදරින් නම් මම තමයි කරන්න පුළුවන් හැම style එකක්ම කරන්නේ . මගේ අක්කලා දෙන්නා එහෙම නෑ. මන් දන්නෑ ඒ පුරුද්ද මට කොහෙන් ආවද කියලා. අම්මා නම් සමහර වෙලාවට බනිනවා විච්චූරන වැඩියි කියලා. තාත්තා නං ඉතින් මුකුත් කියන්නේ නෑ. එයා හැම වෙලේම කියන්නේ නිකන් සල්ලි වියදම් කරනවා කියලා. ඒත් ඉතිං මේ මං කැමති විදිහනේ මොනා කරන්නද.

මේ දවස් වල ගෙදරම ඉන්න නිසා නියපොතු ටිකක් දිගට වැවිලා. මම Nail polish එකක් ගාන්න ඕනි කියලා හිත හිත හිටියෙ. මගෙ ළඟ තිබ්බ colors මට ගාලා ම ඇති වෙලා තිබ්බේ. චූටි අක්කා ගෙදර නැති හින්ද හිමින් සැරේ කාබරේට ගියා. එයා ගොඩක් ගාන්නේ light colors. කණ්නාඩි මේසෙ උඩ තිබ්බ nail polish වලින් මම එකක් තෝරගත්තා. මේ තමයි ඒ පාට මගේ අතට ගැළපෙනවා නම් ද දන්නෑ.

image.png

පාඩම් වැඩ අස්සේ මේ දේවල් කරන එකෙන් ජීවිතයේ ඒකාකාරී බව නැති වෙනවා මගේ නම්. අම්මා මට දවසක් කියනවා salon course එකක් කරන්න කියලා. මම අම්මා කියනකං ඒ ගැන හිතලවත් තිබ්බෙ නෑ . අම්මා කිව්වට පස්සේ මටත් ඒකට ආසාවක් ඇති වුණා. කැම්පස් වැඩ ඉවරයක් කරාට පස්සේ අනිවාර්යෙන්ම සැලුන් කෝස් එකක් කරන්න ඕනි. අපි ඉගෙන ගත්ත දේවල් කවදාවත් අහක යන්නේ නෑ.

salon course එකක් කරලා salon එකක් පටන් ගන්න නං idea නෑ. ඒත් ඉතින් makeup එකක් කරන හැටි, තව bridal saree අන්දන හැටි ඉගෙන ගන්න කැමතියි. ඒ දේවලුත් කවදා හරිම ඕනෙ වෙයි.

අද මට තවත් අමතක නොවන දවසක්. අදට අපේ ආච්චි අපිව දාලා ගිහින් අවුරුදු පහක්.කාලය යනවා දැනෙන්නෙම නෑ. අපි හැමදාම බලංගොඩ මහමෙව්නා අසපුවට දානයක් දෙනවා ආච්චි අම්මව සිහි කරලා. මේ සැරේ එක කරන්න වුණේ නෑ කොරෝනා නිසා. අපේ අම්මා ස්වාමීන් වහන්සේලා ගෙන් අහලා තිබ්බා කොහොමද දානෙ වැඩ කටයුතු කරන්නේ කියලා.

ස්වාමීන් වහන්සේ කියලා තිබුණේ. ...දානයට ඕන කරන දේවල් අසපුවට ගෙනැවිත් දෙන්න කියලා. අසපුවේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න එන අයෙක් දානය පිළියෙල කරල දෙනවයි කියලා ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා.
ඉතිං අම්මයි තාත්තයි අද දානයට ඕන කරන සියලුම දේවල් ගෙනිහින් දුන්නා. ආච්චිත් එක්ක තියෙන මතකයන් නම් කවදාවත් මගේ හිතෙන් මැකෙන්නේ නෑ. ඒ තරමට ආච්චි අම්මා මට ආදරේ කලා. මට වෙලාවකට හිතෙනවා මගෙන් වෙන්න ඕන යුතුකම් එයාට උනේ නැද්ද කියලා. ඒත් දැන් කරන්න දෙයක් නැහැ එයා මං ලග නෑනේ. කරන්න පුළුවන් එකම දේ පින් අනුමෝදන් කරන එක විතරයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අපි ඉගෙන ගත්ත දේවල් කවදාවත් අහක යන්නේ නෑ.

ඒක ඇත්ත . ඒ වගේම අසා දෙයක් නිසා ඒ දේ හොදටම කරන්න පුළුවන් ඔයාට 🤗

ou man asawen inne. 😍

තමන් ඉන්න විදිහ තියෙන කරන්න ඕනි තමන්මයි.

මමත් එහෙම තමයි.අපි වයසට ගියත් අපට ලස්සනට හා පිරිසිදුව සිටීමට අවශ්‍යයි. අපි මුල සිටම එම පුරුද්දට හුරු විය යුතුයි.

Eka aththa.

a nail color eka lassanai. math asa light shades walata. eth mage niyapothu short and flat. A nisa gawata penne na

Ape chuti akkata thiyenneth ehema niyapothu. Mage ewa lokuwata hadila.

මම නිතරම nail polish ගාන්නේනම් නෑ. ඒත් ලස්සන පාටක් තිබුනොත් දවසක් දෙකක් ගාගෙන ඉන්නවා. ඒ පාට ලස්සනයි.

thank you..

ඔයාට තියෙන්නෙ නේල් පොලිෂ් නොගෑවත් දිගටි ඇඟිලි තියෙන නිසා ලස්සණ අතක්.

Thanku dear.

මට වෙලාවකට හිතෙනවා මගෙන් වෙන්න ඕන යුතුකම් එයාට උනේ නැද්ද කියලා.

මටත් ඕකම හිතිලා තියෙනවා. එතකොට පරක්කු වැඩියි 😓

ou. ekanam aththa.

ඒ පාට ලස්සනයි ඔයාට ගැලපෙනවා 😍 මම light, dark colors හැම එකකටම කැමතියි 😋

පාඩම් වැඩ අස්සේ මේ දේවල් කරන එකෙන් ජීවිතයේ ඒකාකාරී බව නැති වෙනවා මගේ නම්.

මටත් එහෙමයි. මමත් කරන්නෙ ඔය දේමයි.🙊 අනිත් අය දානවට වඩා තමන් තනියම makeup එකක් දාගන්න දැනගෙන ඉන්න එක වටිනවා.

Thanks ane.

ඔයා ලස්සනට nail polish එක ගාගෙන... ඒකට මම.... මට තාම හරියට ගාගන්න බෑ...😁 මම ගොඩක් ආස nude colours වලට....

wate gauna ewa pihadala thama photo eka gaththe. 😋

ඒ කිව්වේ කොණ්ඩෙ වෙනස් කරනවා

මාත් එක එක කාලෙට කොණ්ඩේ එක එක විකාර කරනවා. සමහරු කියනවා ඔයාගෙ profession එකට ඔය වගේ style හරි යන්නෙ නෑ කියලා. ඒත් මං නම් ඒකට එකඟ නෑ. කතාවක් තියෙනවා නෙ "මිනිස්සු ඇඳුම් හදනවා මිසක් ඇඳුම් මිනිස්සු හදනවා නෙවෙයි" කියලා.

වාසනාවකට මං campus ඉද්දි උනත් එක එක විකාර කරද්දි ගෙදරින් කිසිම අව්ලක් නෑ. ගොඩාක් වෙලාවට hair tint කරන්නෙ අම්මාගෙ salon එකේමයි.🤪

මේ nail polish color එක මරු. හරිම චාම්. ඊළඟ පාර nail art ටිකක් try කරන්න. 😍YT එකේ තියෙන සමහර satisfying nail art video පැය ගනන් බලලා තියෙනවා මං.😂අදාලත් නෑ අපිට.ඒත් බලන් ඉන්න මරු

Mamath karanna puluwan hama style ekakma karana kenek.